2011 උසස් පෙළ ප්‍රතිඵල ක්‍රමවේදය අහෝසියි..

2011 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබාදුන් Z-Score ක්‍රමවේදය අහෝසි කර නව සහ පැරණි නිර්දේශ යටතේ වෙන වෙනම ප්‍රතිඵල නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (2012.06.25) නියෝග කර තිබේ.
ලංකා ගුරු සංගමය හා උසස් පෙළ සිසුන් පිරිසක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලබාදෙමින් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දී ඇත. ඒ අනුව පසුගිය උසස් පෙළ විභාගයේ Z-Score ලකුණු ක්‍රමවේදයෙන් නිර්දේශ කරන ලද ගණනය කිරීම් අහෝසිකොට පැරණි හා නව නිර්දේශ යටතේ විභාගයට පෙනී සිටි සිසුන්ට වෙන වෙනම Z-Score ලකුණු ලබාදීම සිදුවෙනු ඇති.

1 comment:

  1. මමත් කරුමෙට ගිය අවුරුද්දේ තමයි ඒ ලෙවල් කලේ.මදැයි කැම්පස් යන්න බලන් හිටියා. තිබ්බ ස්කොර් එකටත් වඩා අඩු ස්කෝර් එකක් එව්වොත් එහෙම මම ඉඳලා ඉවරයි. මොකද දෙපාරක් ඒ ලෙවල් කරන්න බෑ කියලා ගෙදර අයට කිව්ව නිසා.එත් ඔය එවන Z ස්කොර් එක ඉක්මනට එව්වොත් තමයි හොඳ. මොකද මම ගෙදරට වෙලා මොකුත් නොකර අවුරුද්දක්ම වේලි වේලි හිටියා.ඒ කිව්වට මොකුත්ම නොකර හිටියේ නෑ. ඒත් තව මොනාහරි ඉගෙන ගන්න තිබුනා. මොකද තාමත් සතියේ දවස් හයක්ම ගෙදරනේ.
    කරුමේ කියන්නේ අපේ බැච් එකේ කට්ටියමනේ අර ඕ ලෙවල් ගණන් පේපර් එකත් දෙපාරක්ම ලිව්වේ. 1992 ඉපදිලා අලුත් විශය නිර්දේශ වලින් විභාග ලියන්න කාපු කට්ට මතක් වෙද්දි දැන් හිතෙනවා මම තව මාස 3ක් පරක්කු වෙලා ඉපදුනා නම් හොඳයි කියලා.

    ReplyDelete