සරත් කොල්ලූරේ..

කොළඹ වෛද්‍ය පීඨයට නාලන්දයෙන් සරත් කොල්ලූරේ සොයුරා එන්නේ 85/80 අධ්‍යන වර්ශය සඳහා.ඔහු චතුර කතිකයෙක් වගේම දක්ෂ සංවිධායකයක්ද වුනා. ඔහුගේ ගැඹුරු කටහඬ හා අනභිභවනීය තර්ක හමුවේ වෛද්‍ය ශිෂ්‍ය අරගලයේ හා ශිෂ්‍ය ව්‍යාපාරයේ විරුද්ධවාදීන් අන්ත අසරණ වුනා. කොළඹ ශිෂ්‍ය නිලවරණයේදී 95%ක් ඡන්ද ලබාගෙන වෛද්‍ය පීඨ ශිෂ්‍ය කමිටුවට තේරී පත්වෙනවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරගලයේ ඔහුගේ පෞර්ෂත්වය දැවැන්ත ශක්තියක් වුනා. ත‍්‍රිමා මරා දමූ දිනයේ අරක්ෂක ප‍්‍රධානීන් සමග හැප්පිලා දේහය කොළඹ වෛද්‍ය පීඨ පරිශ‍්‍රයට රැගෙන විත් මුලූ රටම සසල කළ අවමඟුල් උත්සවයක් කළේ ඔහුගේ සංවිධායකත්වයෙන්. වෛද්‍ය ශිෂ්‍ය කමිටුවේ නායකත්වය හොබවමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල නියෝජිතයෙක් ලෙස කටයුතු කරමින් ඉද්දී 1989 නොවැම්බර් 03 මාතලේ දී ඔහුව කෘර ලෙස කාලකන්නි පාලකයින් මරා දමා තිබුණා.

No comments:

Post a Comment