නිමල් බාලසූරිය..

නිමල් බාලසූරිය මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවෙක්. කුරුණෑගල ගල්ගමුව ප‍්‍රදේශයෙන් සරසවි ප‍්‍රවේශය ලද බාලේ සොයුරා ලාංකේය ශිෂය ව්‍යාපාරයේ ඉතා දුෂ්කරම මොහොතකදී දැවැන්ත කැපවීමක් කළ සිසු නායකයෙක්. ක‍්‍රියාත්මක කරන සියලූ කටයුතු තම සහෝදර සිසුන්ට නොපවරා තමන් විසින්ම සිදු කිරීමට උත්සහ දැරීම ඔහුගේ විශේෂ ලක්ෂණයක්. 1988 පෞද්ගලීකරණය සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී සටන උග‍්‍රවී තිබුන මොහොතක ලංකාව පුරා මානව සරසවි විභාග වර්ජනය කළ යුතු බවට සිසුන් තීරණය කළ අතර සියලූ විශ්වවිද්‍යාල වල සියලූ පීඨ විභාග වර්ජනය කළත් කොළඹ වෛද්‍ය පීඨයේ සිසුහු එය වර්ජනය කළේ නෑ. මොරටුව ජපුර සිසුන් පා ගමනින් කොළඹ විශ්වවිද්‍යාලයේ තාප්පයක් මතට නැගි නිමල් බාලසූරිය සොයුරා වෛද්‍ය සිසුන් ආමන්ත‍්‍රණය කළ අතර ඒ නිසාම කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන්ද වර්ජනයට එක්වුනා. 1987 දෙසැම්බර් 22 දින ලංකාවේ සියලූ විශ්වවිද්‍යාල වසා දැමීමට ආණ්ඩුව ක‍්‍රියා කළා. එහෙත් සිසුන් තීරණය කළේ විශ්වවිද්‍යාලයේ රුදී සිටීමටයි. මොරටුවේ සියලූ දෙනා නිවෙස් කරා යාමට සූදානම් වෙද්දී බාලේ පවසා ඇත්තේ තමන් ගෙදර නොයන බව හා ලංකාවේ සියලූ සිසුන් සරසව් තුළ රුදී සිටීමට තීරණය කර ඇති මොහොතක තමන්ට ගෙදර යා නොහැකි බවයි. ඉන් පසු බාලේ දමා තමන්ට විශ්වවිද්‍යාලයෙන් පිටත යා නොහැකි බැවින් මොරටුව සරසවියේ සිසුහු සියලූ දෙනා සරසවියේ නතරවිය. මෙය සාමාන්‍ය සිසුන් නිමල් බාලසූරිය සොයුරාට තිබූ ආදරයට කදිම උදාහරණයකි. ඔහු 1988 දී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරුව සිටියේ සරසවියේ දෙවන වසර සිසුවෙකුව සිටියදීය. ඒ නිසාම 1988 මැයි 08 දින බෝම්බ ගසා ඝාතනය කිරීමට තරම් එකල පාලකයන් සැහැසි විය.

No comments:

Post a Comment