පෞද්ගලික වෛද්‍ය විද්‍යාවලට එරෙහිව අත්සන් දශලක්‍ෂයක්...

නිදහස් අධ්‍යාපනය විනාශ කරන, ජනතාවගේ ජීවිත අනතුරේ හෙලන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රට තුළ ආරම්භ නොකරන ලෙසත් දැනට ආරම්භ කර ඇති මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වහාම වසා දමන ලෙසටත් රජයට බලකිරීම සඳහා අත්සන් දශ ලක්‍ෂයක් එකතු කිරීමේ ජනතා පෙත්සමක්
අත්සන් කිරීමට තීරණය කර ඇති බව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි සංවිධාන හා විද්වත් එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය අසංග වික‍්‍රමසිංහ මහතා පැවසීය.
ඒ අනුව අද (24) උදේ 10.00 ට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී එම අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරය ආරම්භ කරන බවත් ඒ සඳහා වෛද්‍යවරුන්, හෙද හෙදියන්, පරිපූරක වෛද්‍ය සේවකයින් සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයින්ද විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ ගුරුවරුන් නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් සහ විද්වතුන්ද මෙයට සම්බන්ධවීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment