නව ලිබරල් ධනවාදය විසින් නිදහස් අධ්‍යාපනය භක්ෂණය කිරීම
අධ්‍යාපන දර්ශක අතින් ලංකාව ඉහළ මට්ටමක පවතින රටකි යන්න පොදු පිළිගැනීමයි. මේ බව සනාථ කිරීම සඳහා සාක්ෂරතාවය ඉහළ අගයක පැවතීම බදු දත්ත නිරන්තරයෙන් උපුටා දක්වනු ලැබේ. නිදහස් අධ්‍යාපන පනත සම්මත වීමත් සමග රජය ද්විතියික අධ්‍යාපනය නොමිලේ සැපයීම ආරම්භ වූ අතර අධ්‍යාපන දර්ශකයන්හි සිදුවූ ප්‍රසාරණය කෙරෙහි එය විශාල ලෙස බලපෑවේය.
සමාජ ආර්ථීක සංවර්ධනය අතින් අසමත් රටක් වන ශ්‍රී ලංකාවේ සාර්ථක අංශයක් ලෙස පම්පෝරි ගැසීමට මේ අනුව පාලකයන්ට ඉතුරු වී තිබූ අතලොස්සක් වූ ක්ෂේත්‍ර වලින් පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය මින් එකක් විය. මෙහිදී අප උත්සාහ ගන්නේ එලෙස සාපේක්ෂ සාර්ථකත්වයක් ගනු ලැබුවේ යැයි කියන ක්ෂේත්‍රයෙහිත් යථාර්ථය විමසා බැලීමටය. නිදහස් අධ්‍යාපනය යන්නෙහි අර්ථය සෑම දෙනෙක්ටම අධ්‍යාපනයේ සම අයිතිය තිබිය යුතුය යන්නයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථීක, සමාජ සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතියේ 13(2) වගන්තිය ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය කෙරෙහි සෑම දෙනෙක්ටම ප්‍රවේශයක් පැවතීමේ වැදගත්කමත් එම ප්‍රවේශය සපයා ගැනීමේදී නිදහස් අධ්‍යාපනය හඳුන්වාදීමේ අවශ්‍යතාවය පිළිබඳවත් අවධාරණය කරයි.

පාසල් වැසී යාම.
ලංකාවේ ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය තුළ නිදහස් අධ්‍යාපනයක් පවතී යන්න සුලබව කියැවෙන්නකි. කෙසේ වෙතත් පසුගිය දශක කිහිපය තුළ නිදහස් අධ්‍යාපනය යන්න හුදු සැකිල්ලක තත්ත්වයට පිරිහෙමින් තිඛෙන ආකාරය දැකගත හැක. පාසල් වැසී යාමේ ප්‍රතිශතය වේගයෙන් ඉහළ යමින් තිබීම මෙම පරිහානිය නිරූපණය කෙරෙන උදාරහණයකි. මහ බැංකු සමාජ, ආර්ථීක සමීක්ෂණ දත්ත මගින් පෙන්නුම් කෙරෙන ආකාරයට රට පුරා තිඛෙන පාසල් සංඛ්‍යාව ක්‍රමානුකූලව අඩු වෙමින් පවතී. 2001 දී රටපුරා පැවැති පාසල්් සංඛ්‍යාව 10,552 ක් වූ අතර එය 2009 වනවිට 10,205 දක්වා අඩු වී තිබේ. වසර 10 ක් තුළ මේ අනුව පාසල් 347 ක ප්‍රමාණයක් වැසී ගොස් ඇත.
වගුව 1 - පාසල් වැසී යාම
| |||||||||
වර්ෂය | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 |
පාසල් සංඛ්‍යාව | 10552 | 10508 | 10473 | 10501 | 10461 | 10461 | 10430 | 10117 | 10205 |
මූලාශ්‍රය - 2011 ශ්‍රී ලංකා ආර්ථීක හා සමාජ දත්ත වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුව 138 පිටුව
පසුගිය වසර දහයක කාලය තුළ ජනගහනය අඩු වූවා යැයි සැලකිය නොහැක. සාමාන්‍යයෙන් සිදුවන්නේ ජනගහනය වැඩිවත්ම අධ්‍යාපනය සඳහා වන ඉල්ලූම ඉහළ යාමයි. ඒ අනුව රීතියක් ලෙස කාලයත් සමග පාසල් සංඛ්‍යාව ඉහළ යා යුතුය. නමුත් ඒ වෙනුවට පාසල් වැසී ගොස් තිඛෙන ආකාරය පෙනී යයි.
මෙලෙස වැසී යාමේ ඉරණමට ගොදුරු වී තිඛෙන්නේ ජනප්‍රිය නාගරික පාසල් නොව අඩු පහසුකම් සහිත ග්‍රාමීය පාසල්ය.
ලංකාවේ පාසල් අධ්‍යාපන අමාත්‍යංශය විසින් වර්ගීකරණය කරන්නේ මෙසේය.

1 ඒ හා බී ශ්‍රේණියේ පාසල් - උසස් පෙළ විද්‍යාව විෂය දහරාව ඉගැන්වෙන පාසල්
1 සී ශ්‍රේණියේ පාසල් - උසස් පෙළ සහිත නමුත් විද්‍යාව විෂය දහරාව නොමැති පාසල්
2 වර්ගයේ පාසල් - සාමාන්‍ය පෙළ දක්වා පංති තිඛෙන පාසල්
3 වර්ගයේ පාසල් - ප්‍රාථමික අංශය දක්වා පමණක් පංති තිඛෙන පාසල්
මහ බැංකුවේ දත්ත දක්වන ආකාරයට 2001 දී 4190 ක් වූ 2 වර්ගයේ පාසල් සංඛ්‍යාව 2009 වනවිට 4084 ටද 2001 දී 3,334 ක් වූ 3 වර්ගයේ පාසල් 2009 වනවිට 2,865 ට ද පහළ වැටී තිබේ. මේ අනුව වැඩිපුර වැසී ගොස් තිඛෙන්නේ උසස් පෙළ ඉගැන්වීමෙහි පහසුකම් නැති අඩු පහසුකම් සහිත පාසල් බව පෙනී යයි. රට පුරා පාසල් පද්ධතියක් ශක්තිමත්ව පැවතීමෙන් ඕනෑම ප්‍රදේශයක ඕනෑම ආර්ථීක මට්ටමක පවුල්වලට අධ්‍යාපනය සදහා සාධාරණ ප්‍රවේශයක් ලබාගැනීමේ අවස්ථාව තිබේ. නමුත් ග්‍රාමීයව පහසුකම් අඩු පාසල් මෙලෙස වැසී යාම මගින් ගම්බද නාගරික පාසල්වලට සිය දරුවන් යැවීමේ වත්කම රහිත පවුල්වල දරුවන්ට අධ්‍යාපනය සදහා ප්‍රවේශය සීමා වෙන බව පැහැදිලිය.
අධ්‍යාපනය සඳහා අඩු ප්‍රතිපාදන.
නිදහස් අධ්‍යාපනයක් පැවතියා යැයි පැවසුවාට ලංකාවේ අධ්‍යාපනය සඳහා රජය කරන වියදම වේගයෙන් පහළ යමින් පවතින්නකි. මෙය වඩාත් කැපී පෙනෙන්නේ වෙනත් රටවල් අධ්‍යාපනය සඳහා දරනු ලබන වියදම් හා සැසදීමේදීය. 2010 වසරේදී අධ්‍යාපනය සදහා රජය වෙන් කළ වියදම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 2.8 වැනි සුළු ප්‍රතිශතයකි. මෙය පාසල් අධ්‍යාපනයට පමණක් නොව මුළු අධ්‍යාපනයට වෙන් කළ මුදල බව සැලකිය යුතුය. නිදහස් අධ්‍යාපන විරෝධී ප්‍රතිපත්තියක් එලිපිට අනුගමනය කළා යැයි සැලකෙන රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි 2002 දීත් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.9 ක් අධ්‍යාපනය සඳහා වෙන් කොට තිබේ. එලෙස වැය කරන ප්‍රතිශතය පවා කාලයත් සමග පහළ වැටී ඇති බව මේ අනුව පෙනී යයි. 2010 දත්ත අනුව කියුබාව අධ්‍යාපනය සඳහා දළ දේශීය නිපැයුමේ ප්‍රතිශතයක් ලෙස 18.7 ක් වැය කරයි. රටවල් කිිහිපයක තෝරාගත් සංඛ්‍යාවන් මෙසේය.
ලංකාවට වඩා ධනවත් යැයි සැලකෙන රටවල් (දකුණු අප්‍රිකාව) මෙන්ම ඊට වඩා දුගී යැයි සැලකෙන රටවල් ද (සිම්බාබ්වේ) නිදහස් අධ්‍යාපන ක්‍රමයක් තිඛෙන රටවල් (කියුබාව,ඩෙන්මාර්කය) මෙන්ම එවැන්නක් නොමැති රටවල ද රජයන් අධ්‍යාපනය සඳහා ලංකාව දරණවාට වඩා වැඩි වියදමක් ප්‍රතිශතයක් ලෙස දරන බව පැහැදිලිය. ලංකාවේදී එය 2% ක ඉතා පහළ අගයක් වනවාට අමතරව වාර්ෂිකව එම අගයද කප්පාදු කෙරෙමින් තිබේ.2011 අය වැයෙන් යුද වියදම සඳහා රුපියල් බිලියන 215.2 ක් වැය කළ ආණ්ඩුව 2012 අයවැයෙන් එම සංඛ්‍යාව බිලියන 229.9 දක්වා නංවා තිබේ. යුද්ධය අවසන් වී තිඛෙන පරිසරයක ජනයා මත මර්දනය පවත්වා ගැනීම සඳහා මෙලෙස යුද වියදම් අසාමාන්‍ය ලෙස වැඩි කරන ආණ්ඩුව අධ්‍යාපනය මත දරන වියදම කපා හැරීම සමග දිවයින පුරා තිඛෙන පාසල් හැකිලී යාම ඍජුව සම්බන්ධ වේ.
සපිරි පාසල් සහ පාසල් විචාරාත්මක කිරීම.
පාසල් අධ්‍යාපනය නිදහස් යැයි පැවසුවද සැබැවින්ම මේ වනවිට වක්‍ර ලෙස අධ්‍යාපනය සඳහා මුදල් ගෙවීමට දෙමව්පියන්ට සිදුව තිබේ. මේ සඳහා පාසල් සංවර්ධන මණ්ඩල නැමැති ව්‍යුහය පිහිටුවා තිබේ. නිල හා නොනිල මාර්ග වලින් දරුවා ඇතුළත් කරගැනීමේ සිට විවිධ අලූත්වැඩියා ගාස්තු, උත්සව ගාස්තු යනාදී ලෙස විශාල වශයෙන් මුදල් ගෙවීමට මේ අනුව දෙමාපියන්ට සිදුව තිඛෙන අතර මේවා අය කරගන්නේ පාසල් සංවර්ධන මණ්ඩල විසිනි. පාසල් සංවර්ධන මණ්ඩල යනු රජය පාසල් සඳහා කරන වියදම කපා දැමීමට අටවනු ලැබූ උපක්‍රමයකි. පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය හෑල්ලූ වීම හේතුවෙන් පාසලට බාහිරව ටියුෂන් වෙළඳපොළක් නිර්මාණය වී තිඛෙන අතර සිසුන්ට මේ අනුව නිසි අධ්‍යාපනයක් ලබනු වස් මෙම වෙළඳපොළටද සහභාගී වීමට සිදුව තිබේ. මේ නිසා සැබැවින්ම සිය දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් තෙවරක් වියදම් කරන්නට සිදුවීමේ ඉරණමට මෙරට මවුපියන් අද පත්ව සිටී. බදු ගෙවීම හරහා අධ්‍යාපනය උදෙසා එක් වරක්ද, පාසල් සංවර්ධන මණ්ඩල වලට ගෙවන මුදල් හරහා දෙවනි වර ද, ටියුෂන්වලට ගෙවීම හරහා තෙවැනි වර ද ලෙස අධ්‍යාපනය උදෙසා තෙවරක් දෙමාපියෝ වියදම් කරති. නමුත් මෙම අධ්‍යාපන ක්‍රමය නිල වශයෙන් හඳුන්වන්නේ නොමිලේ ලබාදෙන නිදහස් අධ්‍යාපනයක් ලෙසය. නිශා අරුණතිලක විසින් කරනු ලැබූ සමීක්ෂණයක් මගින් පෙන්නුම් කෙරෙන්නේ එක් සිසුවෙක්ගේ අධ්‍යාපනය සඳහා වන වියදමින් 27% ක් පුද්ගලිකව ඔහු විසින් දරාගත යුතු බවයි. මෙම අගය ටියුෂන් අධ්‍යාපනය අත්හැර පාසල් අධ්‍යාපනය පමණක් සලකා සකස් කරන ලද්දක් බව සැලකිය යුතුය.
අධ්‍යාපන අමාත්‍යංශය හඳුන්වා දුන් සපිරි පාසල් ව්‍යාපෘතියද මෙම අර්බුදය වඩා තීව්‍ර කරන්නක් ලෙස සැලකිය හැක. මෙම ව්‍යාපෘතිය යනු අන් කවරක්වත් නොව රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමයේ පාසල් විචාරාත්මක කිරීම නමින් කරළියට ආ ව්‍යාපෘතියේම ඡායා පිටපතකි. වික්‍රමසිංහ ආණ්ඩුවේ ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකු මූල්‍යධාර ලැබුණු අතර එමගින් අඩු පහසුකම් සහ අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් සහිත පාසල් 3000 ක් වසා දැමීම ඉලක්ක කරගත් අතර සමාජයෙන් ඊට එල්ල වූ දැඩි විරෝධය මත එය ක්‍රියාත්මක වීම අත්හිටුවනු ලැබීය. රාජපක්ෂ ආණ්ඩුවේ සපිරි පාසල් ව්‍යාපෘතිය යටතේ පාසල් දහසක් තෝරාගෙන සංවර්ධනය කරනු ලැබේ යැයි කියැවේ. ලෝක බැංකුව මේ සඳහා රුපියල් කෝටි 6000 ක මූල්‍යාධාර සපයනු ලබන අතර පාසල් කිහිපයක් පමණක් මෙලෙස තෝරාගෙන සංවර්ධනය කිරීම මගින් පාසල් වල පහසුකම් සම්බන්ධ අසමාන වර්ධනයක් හටගැනීමත් අඩු පහසුකම් සහිත පාසල් වැසී යාමත් වැලැක්විය නොහැක. වික්‍රමසිංහ මහතා විසින් පාසල් 3000 ක් වසනවා යැයි කියමින් කරන්නට ගිය දෙය, රාජපක්ෂ මහතා විසින් පාසල් 1000 ක් සංවර්ධනය කරනවා යැයි කියමින් මෙසේ කරන්නට වෑයම් කරනු ලැබේ. මේ ව්‍යාපෘති දෙකටම පහසුකම් සපයන්නේ අධ්‍යාපනය සඳහා රජය කරන වියදම අනවශ්‍ය බරක් ලෙසට උපදෙස් සපයන ලෝක බැංකුව විසිනි.
අඩු ගුණත්වය සහ පාසල හැරයාම.නිදහස් අධ්‍යාපනයක් පැවතියා යැයි පැවසුවාට ලංකාවේ අධ්‍යාපනය සඳහා රජය කරන වියදම වේගයෙන් පහළ යමින් පවතින්නකි. මෙය වඩාත් කැපී පෙනෙන්නේ වෙනත් රටවල් අධ්‍යාපනය සඳහා දරනු ලබන වියදම් හා සැසදීමේදීය. 2010 වසරේදී අධ්‍යාපනය සදහා රජය වෙන් කළ වියදම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 2.8 වැනි සුළු ප්‍රතිශතයකි. මෙය පාසල් අධ්‍යාපනයට පමණක් නොව මුළු අධ්‍යාපනයට වෙන් කළ මුදල බව සැලකිය යුතුය. නිදහස් අධ්‍යාපන විරෝධී ප්‍රතිපත්තියක් එලිපිට අනුගමනය කළා යැයි සැලකෙන රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි 2002 දීත් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.9 ක් අධ්‍යාපනය සඳහා වෙන් කොට තිබේ. එලෙස වැය කරන ප්‍රතිශතය පවා කාලයත් සමග පහළ වැටී ඇති බව මේ අනුව පෙනී යයි. 2010 දත්ත අනුව කියුබාව අධ්‍යාපනය සඳහා දළ දේශීය නිපැයුමේ ප්‍රතිශතයක් ලෙස 18.7 ක් වැය කරයි. රටවල් කිිහිපයක තෝරාගත් සංඛ්‍යාවන් මෙසේය.
වගුව 2 - අධ්‍යාපනය සදහා වැය කරන මුදල දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස
| ||||||||
රට | ඩෙන්මාර්කය | ලෙසතෝව | සිම්බාබ්වේ | මෙක්සිකෝව | දකුණු අප්‍රිකාව | ඉන්දියාව | අසර්බයිජානය | කියුබාව |
ප්‍රතිශතය | 10.4% | 4.7% | 5.3% | 5.3% | 4.1% | 8.5% | 3.2% | 18.7% |
සපිරි පාසල් සහ පාසල් විචාරාත්මක කිරීම.
පාසල් අධ්‍යාපනය නිදහස් යැයි පැවසුවද සැබැවින්ම මේ වනවිට වක්‍ර ලෙස අධ්‍යාපනය සඳහා මුදල් ගෙවීමට දෙමව්පියන්ට සිදුව තිබේ. මේ සඳහා පාසල් සංවර්ධන මණ්ඩල නැමැති ව්‍යුහය පිහිටුවා තිබේ. නිල හා නොනිල මාර්ග වලින් දරුවා ඇතුළත් කරගැනීමේ සිට විවිධ අලූත්වැඩියා ගාස්තු, උත්සව ගාස්තු යනාදී ලෙස විශාල වශයෙන් මුදල් ගෙවීමට මේ අනුව දෙමාපියන්ට සිදුව තිඛෙන අතර මේවා අය කරගන්නේ පාසල් සංවර්ධන මණ්ඩල විසිනි. පාසල් සංවර්ධන මණ්ඩල යනු රජය පාසල් සඳහා කරන වියදම කපා දැමීමට අටවනු ලැබූ උපක්‍රමයකි. පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය හෑල්ලූ වීම හේතුවෙන් පාසලට බාහිරව ටියුෂන් වෙළඳපොළක් නිර්මාණය වී තිඛෙන අතර සිසුන්ට මේ අනුව නිසි අධ්‍යාපනයක් ලබනු වස් මෙම වෙළඳපොළටද සහභාගී වීමට සිදුව තිබේ. මේ නිසා සැබැවින්ම සිය දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් තෙවරක් වියදම් කරන්නට සිදුවීමේ ඉරණමට මෙරට මවුපියන් අද පත්ව සිටී. බදු ගෙවීම හරහා අධ්‍යාපනය උදෙසා එක් වරක්ද, පාසල් සංවර්ධන මණ්ඩල වලට ගෙවන මුදල් හරහා දෙවනි වර ද, ටියුෂන්වලට ගෙවීම හරහා තෙවැනි වර ද ලෙස අධ්‍යාපනය උදෙසා තෙවරක් දෙමාපියෝ වියදම් කරති. නමුත් මෙම අධ්‍යාපන ක්‍රමය නිල වශයෙන් හඳුන්වන්නේ නොමිලේ ලබාදෙන නිදහස් අධ්‍යාපනයක් ලෙසය. නිශා අරුණතිලක විසින් කරනු ලැබූ සමීක්ෂණයක් මගින් පෙන්නුම් කෙරෙන්නේ එක් සිසුවෙක්ගේ අධ්‍යාපනය සඳහා වන වියදමින් 27% ක් පුද්ගලිකව ඔහු විසින් දරාගත යුතු බවයි. මෙම අගය ටියුෂන් අධ්‍යාපනය අත්හැර පාසල් අධ්‍යාපනය පමණක් සලකා සකස් කරන ලද්දක් බව සැලකිය යුතුය.
අධ්‍යාපන අමාත්‍යංශය හඳුන්වා දුන් සපිරි පාසල් ව්‍යාපෘතියද මෙම අර්බුදය වඩා තීව්‍ර කරන්නක් ලෙස සැලකිය හැක. මෙම ව්‍යාපෘතිය යනු අන් කවරක්වත් නොව රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමයේ පාසල් විචාරාත්මක කිරීම නමින් කරළියට ආ ව්‍යාපෘතියේම ඡායා පිටපතකි. වික්‍රමසිංහ ආණ්ඩුවේ ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකු මූල්‍යධාර ලැබුණු අතර එමගින් අඩු පහසුකම් සහ අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් සහිත පාසල් 3000 ක් වසා දැමීම ඉලක්ක කරගත් අතර සමාජයෙන් ඊට එල්ල වූ දැඩි විරෝධය මත එය ක්‍රියාත්මක වීම අත්හිටුවනු ලැබීය. රාජපක්ෂ ආණ්ඩුවේ සපිරි පාසල් ව්‍යාපෘතිය යටතේ පාසල් දහසක් තෝරාගෙන සංවර්ධනය කරනු ලැබේ යැයි කියැවේ. ලෝක බැංකුව මේ සඳහා රුපියල් කෝටි 6000 ක මූල්‍යාධාර සපයනු ලබන අතර පාසල් කිහිපයක් පමණක් මෙලෙස තෝරාගෙන සංවර්ධනය කිරීම මගින් පාසල් වල පහසුකම් සම්බන්ධ අසමාන වර්ධනයක් හටගැනීමත් අඩු පහසුකම් සහිත පාසල් වැසී යාමත් වැලැක්විය නොහැක. වික්‍රමසිංහ මහතා විසින් පාසල් 3000 ක් වසනවා යැයි කියමින් කරන්නට ගිය දෙය, රාජපක්ෂ මහතා විසින් පාසල් 1000 ක් සංවර්ධනය කරනවා යැයි කියමින් මෙසේ කරන්නට වෑයම් කරනු ලැබේ. මේ ව්‍යාපෘති දෙකටම පහසුකම් සපයන්නේ අධ්‍යාපනය සඳහා රජය කරන වියදම අනවශ්‍ය බරක් ලෙසට උපදෙස් සපයන ලෝක බැංකුව විසිනි.
අවුරුදු 14 දක්වා සියලූ ළමුන් පාසල් යාම අනිවාර්ය කොට නීති පනවා තිබුණ ද ආර්ථීක දුෂ්කරතා සහ නිදහස් අධ්‍යාපන රාමුව බිදවැටිමේ ප්‍රතිඵලයක් ලෙස මෙය යථාර්ථයක් වන්නේ නැත. නිශා අරුණතිලකගේ අධ්‍යයනයක් මගින් සොයාගනු ලැබූ පරිදි පාසල් වලට ඇතුළුවන අවුරුදු 5-14 අතර සංඛ්‍යාවේ ප්‍රතිශතය 93% කි. එනම් ආරම්භයේදීම සියයට 7 ක් පාසලට ඇතුළත් වන්නේ නැත. මෙලෙස ඇතුළත් වන පිරිස් ද විශාල වශයෙන් අතරමගදී පාසල් හැරයන අතර 2011 අධ්‍යාපන අමාත්‍යංශය විසින් පත් කළ තේරීම් කාරක සභා වාර්තාව දක්වන පරිදි පාසල්වලට ඇතළු වන පිරිසෙන් 17% ක් විවිධ හේතු මත අතරමගදී පාසල හැරයති. එලෙස හැරයාම කෙරෙහි ආර්ථීක පීඩනයත් නිදහස් අධ්‍යාපන රාමුව කඩාකප්පල් වී පුද්ගලික අධ්‍යාපන පිරිවැය වැඩි වීමත් හේතුවී තිඛෙන බව පැහැදිලිය.
අධ්‍යාපනයේ ගුණාත්මක-භාවය පිළිබඳවද නොයෙක් ගැටලූ බොහෝවිට මතුකෙරී ඇත. සාමාන්‍ය පෙළ සමත් ප්‍රතිශතය තවමත් සියයට 50 ඉක්මවීමට නොහැකි වී තිඛෙන අතර ඉංග්‍රීසි, විද්‍යාව වැනි විෂයන් සම්බන්ධ ගුරුවන්ගේ හිගය ග්‍රාමීය පාසල් පෙලන ප්‍රධාන ගැටලූවකි. ගණිතය වැනි මූලික විෂයක් ඉගැන්වීමටත් ගුරුවරුන් හිඟ තත්ත්වයක් තුළ තොරතුරු තාක්ෂණය වැනි විෂයක් පිළිබදව අමුතුවෙන් කතා කිරීමට යමක් නොපවතී. සාමාන්‍ය පෙළට පෙනී සිටින 50%ක් අසමත් වනවා යනු එම 50% පාසල් පද්ධතියෙන් පිටමං වීමයි. එම පිරිස උරා ගැනීමට තරම් ශක්තිමත් රැකියා වෙළඳපොළක් ලංකාවේ නොමැති අතර මොවුන්ගේ අනාගතය මේ අනුව අවිනිශ්චිත එකකි. පෙළපොත් වල ගුණාත්මකභාවය සහ ඒවා කලට වේලාවට නොලැබීම පිළිබද බරපතල ප්‍රශ්න මතුකෙරී තිබේ. විභාග ප්‍රතිඵල ලබාදීමේ දී බලධාරීන් දක්වන අකාර්යක්ෂමතාවය සහ නොසැලකිල්ල පසුගිය උසස් පෙළ විභාගයේදී රටටම මනාව හෙළිදරවු වූ අතර ප්‍රශ්න පත්‍ර වල දෝෂ යනාදිය මේ වනවිට ඉතාම සුලබ සාමාන්‍ය කරුණක් බවට පත්ව තිබේ. මෙලෙස වැරදීම් සිදුවීම කෙතරම් සාමාන්‍යකරණය වී තිබේද යත් ඒවා සාමාන්‍ය සිදුවීම් ලෙස සලකා සැහැල්ලූවෙන් බැහැර කිරීමට පවා සමාජය පුරුදු වී තිබේ.
උතුරු ප්‍රදේශයේ පාසල්.
පොදු පාසල් පද්ධතිය මුහුණ දෙන මෙම පොදු ප්‍රශ්න වලට අමතරව උතුරේ පාසල් තවත් අමතර ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙනු ලබයි. යුද්ධය අවසන්ව වසර දෙකක් ගතව තිබුණත් තවමත් උතුරේ යුදමය ආතතිය එලෙසම පවතින අතර ආණ්ඩුව එම ප්‍රදේශවල ගෙනයනුයේ මිලිටරිමය පාලනයකි. අපි ශ්‍රී ලාංකිකයෝ සංවිධානයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න සහෝදරයා දක්වන ආකාරයට පාසල් වල හමුදා කඳවුරු පැවතීම බරපතල ප්‍රශ්නයක් ලෙස පවතින්නකි. හමුදාව විසින් පාසල් සිය කඳවුරු බවට පත්කරගැනීම නිසා බොහෝ සිසුන්ට අධ්‍යාපන කටයුතු සඳහා තිඛෙන අවකාශය අහිමි වී තිබේ. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තිරුමුරුක්කන්ඩි පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව යුද්ධයට පෙර 215 ක් වූවද එය මේ වනවිට 150 ට අඩු වී තිබේ. යුද්ධයට පසු පාසල් යන ශිෂ්‍ය සංඛ්‍යාවේ 20% ක අඩුවීමක් තිඛෙන බව ප්‍රේමරත්න සහෝදරයා පවසයි. යුද්ධය නිසා වැසී ගිය මන්නාරම ප්‍රදේශයේ පාසල් බොහෝමයක් තවමත් විවෘත කොට නැත. යුද්ධය නිසා පවුලේ දෙමව්පියන් මියගොස් තිබීම මත වැඩිමහල් දරුවන්ට රැකියා සඳහා යොමුවීමට සිදුව තිබීම මෙලෙස අධ්‍යාපන සහභාගිත්වය පහළ වැටීමට බලපෑ හේතුවකි. මෙවැනි සුවිශේෂී ප්‍රශ්න කෙරෙහි ආමන්ත්‍රණය කිරීමක් ආණ්ඩුව පැත්තෙන් සිදු නොවේ. උතුරු අර්ධද්වීපයේ මේ වනවිට නෙස්ටමෝල්ට් වෙළඳ දැන්වීම්, ඩයලොග් දැන්වීම් යනාදිය සහිත යෝධ පුවරු ඉදි වී තිබේ. ආණ්ඩුව හමුදා කඳවුරු ඉදිකිරීම වෙනුවෙන් විශාල වශයෙන් මුදල් වෙන් කරමින් සිටී. නමුත් අධ්‍යාපන තත්ත්වය නැංවීමට හෝ සිසුන්ගේ සුවිශේෂී ප්‍රශ්න විසදීම කෙරෙහි අවධානය යොමුකිරීමට තරම් කරුණාවක් රජය වෙත පහළ වී නොමැත.
උතුරේත් දකුණේත් පාසල් පද්ධතිය මුහුණ දෙන ඛේදවාචකය මේ අනුව එකම මූලයකින් පැන නගින්නකි. නව ලිබරල් ධනවාදය යනු රාජ්‍යය ආර්ථීක කටයුතු වලින් ඉවත්ව සිටිය යුතු බවට දේශනා කරන්නකි. වෙළඳපොළට සියල්ල භාර දීම එහි ප්‍රතිපත්තියයි. ලංකාව 1977 සිට අත්දකිමින් සිටින්නේ මෙම වෙළඳපොළකරණයේ ප්‍රතිවිපාකයයි. වෙළඳපොළට සියල්ල භාර දී සමාජ සේවා සැපයීමේ වගකීමෙන් ඉවත් වීම සිය ප්‍රතිපත්තිය බවට ආණ්ඩුවක් පත්කරගත් කල්හි අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර කෙරෙහි වන අවධානය අඩු වීම ස්වභාවිකය. පෙළපොත්වල වැරදීම් සිදුවන්නේ, ගුණාත්මකභාවය කෙරෙහි එතරම් අවධානයක් යොමු නොවන්නේ, ප්‍රතිපාදන කප්පාදු කෙරෙන්නේ, අධ්‍යාපනය සම්බන්ධව තිඛෙන ප්‍රාදේශීය විෂමතා හා සමාජ විෂමතා තුරන් කිරීම එතරම් වැදගැම්මක් ඇති දෙයක් ලෙස රජය නොදකින්නේ සමාජ සේවා සැපයීමෙන් රජය ඉවත් විය යුතුය යන නව ලිබරල් න්‍යාය මත පිහිටා රජය කටයුතු කරන බැවිනි. උතුරේදීත් අධ්‍යාපනය වෙනුවට ජනයා මත මර්දනය පවත්වාගෙන යන මිලිටරිය ශක්තිමත් කිරීම වෙනුවෙන් කෝටි ගණන් වියදම් වෙන් කෙරෙන්නේ මෙම තර්කනය අනුවය. නව ලිබරල්වාදය තුළ නිදහස් අධ්‍යාපනයේ ඉතිරි වී තිඛෙන්නේ එහි සැකිල්ල පමණි. උතුරේත් දකුණේත් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වන සම අයිතිය ආරක්ෂා කිරීමට නම් නිදහස් අධ්‍යාපනය කල් ඉකුත් වූවක් ලෙස දකින රාජ්‍යයේ නව ලිබරල්වාදී ප්‍රතිපත්තිය හඳුනාගෙන පරාජය කළ යුතුව තිඛෙනුයේ එබැවිනි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment