සරසවි ඇඳුරන් වැඩ වර්ජනයකට සැරසෙයි.

වැටුප් වර්ධක නොලැබීමට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පැවැත්වීමට සූදානම් වැඩවර්ජනය පිළිබද දැනුම්වත් කිරීමට 6 වන දා කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි

විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කේ. පී. නිශාන්ත මහතා

''වැටුප් තලයට සමාන්තරව. වැටුප් වර්ධක ලබා ගත්තත් ඒ වගේම උසස් වීම් ලබා ගෙන තමන්ගේ වැටුප් තලය ඉහළට ඔසවා ගත්තත් ඒ අයගේ දීමනා ගණනය කිරීම සිද්ධවන්නේ නෑ වර්තමාන වැටුප් තලයට සමගාමීව. මෙන්න මේ හේතුව නිසා විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ උනන්දුව කැපවීම හීන වේයැයි අප සිතනවා. ඒක නිසා මේ සඳහා අවශ්‍ය පියවර ගැනීම සදහා අවස්ථා කිහිපයකදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත් සමග, වැටුප් කොමිසමත් සමග මහා භාණ්ඩාගාරයත් සමග ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමත් සමග අපි සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවා. ඒ සාකච්ඡා වට වලදී අපට පුළුවන් වුණේ නෑ අපි අපේක්ෂා කරන පරිදි නිවරැදි විසඳුමකට එළඹීමට. ඒක නිසා ඇත්තටම මේ සැලසුම් කරලා තියෙන සංකේත වැඩවර්ජනයට විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය තල්ලු කරලා තිබෙන බවක් තමයි විශේෂයෙන් කිව යුත්තේ.''

විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා

''දැන් පෞද්ගලික විශ්වවිද්‍යාල ප්‍රවර්ධනය කරන අතරේ ඒ මුල් රාජ්‍ය විශ්වවිද්‍යාල නොතකා හැරීම සඳහා විශාල සැලසුම් සහගත වැඩපිළිවෙළක් තියෙනවා. ඒක ඉතාම පැහැදිලි.''


No comments:

Post a Comment