අධ්‍යාපනයත් සෞඛ්‍යයත් විකුණන පාලකයිනි, ඉතිහාසයේ පාඩම ඉගෙන ගන්න සූදානම් වෙයල්ලා!
ඉදිරියේදී සයිටම් ආයතනය තහවුරු කර අධ්‍යාපනය විකිනීම හා සෞඛ්‍ය සේවය විකිණීම ප්‍රතිපත්තිය කොටගෙන සිටින හවුල් ආණ්ඩුව, ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නට සූදානම් වියයුතු බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අනතුරු අගවයි.
සයිටම් අරගලයේ බස්නාහිර පලාත් විරෝධතාවය ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් සංවිධානය කළ රැලියක් පසුගිය 3 වැනිදා කොළඹ විහාර මහදේවී එලිමහන් රංගපීඨයේදී පැවැත්විණී. එම අවස්ථාවේ අ.වි.ශි.බ.ම. කැදවුම්කරු ළහිරු වීරසේකර කළ කතාව ඇසුරින් මේ සටහන ලියැවුණි.
“සටන්කාමී ඔබ සියලුදෙනාගෙන් අවසරයි,
පළමුවෙන්ම මේ ඇවිලෙන සටන් බිමේ සිට අපට ඔබට කියන්න පනිවිඩයක් තිබෙනවා. ඒ තමයි, සයිටම් අරගලය හරහා මතුවන මුදලේ බලයට එරෙහිව, දැන් ඉතින් සටන මිස අපට අන් මගක් නැත.
මේ තමයි අද දවසේ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස සටන්කාමී ඔබට අප දෙන පනිවිඩය. හුදෙකලාව අරගල කරන්න බෑ කියපු ඒ අරගලය අද මේ දක්වා ඉදිරිය ගෙනැවිත් තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරි සංගමය බදුල්ලෙන් පටන් අරගෙන වැඩ වර්ජන මාලාක් ලෙස මේ අරගලය කොළඹ දක්වා බලවේග ගණනාවක් ඒකරාශි කරගෙන මේ තැනට ගෙනැවිත් තිබෙනවා. ඒ වෙනුවෙන් අප ඔබට ආචාරය පුද කරනවා. මේවා ගෝඨාභයලට බයේ මහින්ද රාජපක්ෂට බයේ සද්ද නැතිව හිටියා කියලා සමහරු කිව්වා. අපි කියනවා හිට්ලර් වුනත් අධ්‍යාපනය විකුණනවා නම් අපේ විරෝධය පළ කරනවා, අප ඊට එරෙහිව සටන් කරනවා.
2009 අවුරැද්දෙ මේ සයිටම් ආයතනය ආරම්භ කරපු අවස්ථාවෙ සිට අපි අපගේ විරෝදය පළ කළා. ශිෂ්‍ය ව්‍යාපාරය විතරක් නෙවෙයි ටිකෙන් ටික ගෙන ගිය අරගලයක් මේක. මේක උඩින් පාත් වෙච්ච අරගලයක් නෙවෙයි. මේ සටන විවිධ සංවිධාන, විවිධ මිනිස්සු කැපවෙලා බොහෝ දෙනා බොහෝ කැපවීම් කරලා ඉදිරියට ගෙනා අරගලයක්. සයිටම් අරගලය කියන්නෙ තවත් එක් පෞද්ගලික උපාධි කඩයකට එරෙහි අරගලයක්, තවත් එක් ආයතනයක් පිළිබද විරෝධයක් පමණක් නෙවෙයි. අපි ඒක එහෙම කියන්නෙ ඇයි කියලා පැහැදිලි කරන්නම්.
අරගලය තීව්‍ර වෙද්දි පාසල්වල ගුරුවරු පවා විරෝධතාවය පළ කළා. ගුරු සංගම් සහ විදුහල්පතිවරු පවා විරෝධය දැක්වුවා. පාසල් ශිෂ්‍යයෝ ටිකෙන් ටික සම්බන්ධ වෙන්න පටන් ගත්තා. දැන් එන්න ආණ්ඩුව මර්දනය ගෙනල්ලා. ඔන්න දැන් ආණ්ඩුව කලබල වෙලා. ඇයි ඒ?
1981 අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙනත් අධ්‍යාපනය පෞද්ගලිකකරණයට දැනි ඉන්න රනිල් වික්‍රමසිංහ සැලසුම් ඉදිරිපත් කරද්දි ඒ කාලෙ පාසල් ශිෂ්‍යයෝ එළියට බැස්සා. පාසල්වල විරෝධතා පැන නැගුණා. ආණ්ඩුව ඒ ගැන අත්දැකීම් තියෙනවා. ඒ වාගේම මර්දනයෙදිත් මේ ආණ්ඩුවට අත්දැකීම් තිබෙනවා.
දැන් ඔන්න හිටපු ගමන් ආණ්ඩුව චක්‍රලේඛයක් ගෙනැල්ලා. 2017/13 කියන චක්‍රලේඛයෙ මාතෘකාව ‘පාසල් ශිෂ්‍යයන් උද්ඝෝෂණයට පෙළඹවීම. ‘දැන් ඒක නවත්වන්න තමයි මේ කතාව ගේන්නෙ. මවුපියන් මේක දැක්කම හිතනවා ආ බොහොම හොදයි. පාසල් ශිෂ්‍යෙයා උද්ගෝෂනවලට පාරට බහින්න හොද නෑ, ඒ නිසා මේක හොදයි කියලා. නමුත් ඒකෙ පළවෙනි ඡේදයෙ තියෙනවා 1 වැනි ශ්‍රේණියේ සිට 13 දක්වා අධ්‍යාපනය අනිවාර්ය කරන ප්‍රතිපත්තියක ආණ්ඩුව ඉන්නවා. ඒ වගේම ඒ ප්‍රතිපත්තිය අධ්‍යාපනය අනිවාර්යයෙන් ලබාදීම රාජ්‍ය හා පෞද්ගලික අංශයෙ සහයෝගයෙන් සිදු කරනවා කියලා එහි සදහන් වෙනවා. ඒ රාජ්‍ය ප්‍රතිපත්තියට විරුද්ධ අදහස් පතුරවන්න එනවා බාහිර ශිෂ්‍ය කණ්ඩායම්.
ඒ බාහිර ශිෂ්‍ය කණ්ඩායම්වලට ඉඩ දෙන එක වලක්වන්න, ඔවුන් පොලිසියට අල්ලලා දෙන්න තමයි මේ චක්‍රලේඛයෙන් විදුහල්පතිවරුන්ටත් ගුරුවරුන්ටත් කියන්නෙ. අපි අහනවා, පාසලේ ඉගෙන ගන්න නංගි මල්ලිට තමන්ගෙ අධයාපනය වෙනුවෙන් සටන් කරන්න අයිතියක් නැද්ද? පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙ දුක් විදින අම්මා තාත්තා වෙනුවෙන් අධ්‍යාපනය විකිනීම නවත්වන්න කියන්න පාසල් ශිෂ්‍යයන්ට අයිතියක් නැද්ද?මේ ළගකදි ජනාධිපති පාසලට ආවම පාසල් දරුවෙක් එයාට කියනවා අනේ ජනාධිපතිතුමනි, අපේ පාසලට වැසිකිළියක් නෑ කියලා. වැසිකිළි නෑ තමයි, ඇයි ඒ? බිලියන 109ක් කපලා තියෙන්නෙ.
පාසල් වැසිකිලියක් හදාගන්න බැරි නිසා දැන් වැසිකිළිය හදන එකත් පෞද්ගලික අංශයට දෙනවා. පෞද්ගලික අංශයට දුන්නම අන්න වැසිකිළි යන්න ගාන රුපියල් විස්සයි. රුපියල් 20 නැති කෙනාට වැසිකිළි නොයා ඉන්න පුලුවන්ද? ඉතින් පාසල් සංවර්ධන සභා හදුන්වලා දුන්නෙ පෞද්ගලිකකරනය කලාම පාසල් නඩත්තු කරන එකට මවුපියන් හුරු කරන්න. පාසල් සංවර්ධන සමිතියට දැනුත් රුපියල් 500, 1000 දෙන්න කියනවා. පෞද්ගලික අංශය ආවට පස්සේ මේක නවතිනවද? අපෙ අම්මා තාත්තාට මේ විදියට දිගටම පාසල්වලට සල්ලි දෙන්න පුලුවන්ද?
අපි පෝස්ටරයක් ගැහුවා රට පුරා පාසල්වලින් මුදල් අයකරනවා නම් කියන්න කියලා. රුපියල් 100ක් 200ක් අයකරන පාසල්වල අම්මලා, තාත්තලා අපට කතා කළා. ඔවුන් කිව්වෙ දරුවො එක්ක මේ සටනට එන්න කැමැතියි ඒත් දරුවට ප්‍රශ්නයක් වෙයි. ඒ නිසා පුලුවන් නම් දුවේ පුතේ උඹලවත් මේ සටන අපි වෙනුවෙන් කරන්න. පහුගිය කාලෙ අපි දැක්කා අම්මලා තාත්තලා පාසලේ ගුරුවරු නෑ කියලා පාරට බැස්සා. විදුහල්පකිවරුන්ටත් කර කියා ගන්න දෙයක් නෑ. පාසල්වල ප්‍රශ්න විසදන්න ආණ්ඩුව මැදිහත් වෙන්නෙ නෑ. විදුහල්පතිවරුන්ට සිද්ද වෙලා තියෙනවා මාකටින් කරන්න. මේච්චර ළමයි ගණනක් ශිෂ්‍යත්වෙ සමත්, මේච්චර සංඛ්‍යාවක් විශ්වවිද්‍යාෙලට සමත් කියලා බෝඩ් ගහන්න වෙලා පාසල්වලට දෙමව්පියන්ගෙ ආකර්ෂනය ගන්න. ආණ්ඩුව මව්පියන්ට කියන්නෙ රිසිට් එක නොදී සල්ලි ගත්තොත් කියන්න. ඒ කියන්නෙ රිසිට් දෙනව නං සල්ලි ගත්තට කමක් නෑ කියන එක. එහෙම නම් මෙතන තියෙනවා ප්‍රශ්නයක්.
සයිටම් කියන්නෙ නිකම්ම නිකං නෙවිල් ප්‍රනාන්දුට විතරක් ලා ලබන ප්‍රශ්නයක් නෙවෙයි. නෙවිල් ප්‍රනාන්දු මහත්තයා තියෙන සේසත විකුණලා සයිටම් එක දාන්නෙ පිනට දෙන්න නෙවෙයි. ඉන්දියාවෙ මස් වෙළදාම් කරපු අය ඒ බිස්නස් එක නවත්වලා පෞද්ගලික විශව විද්‍යාලයක් පටන් ගන්නවා. දැන් එයා
මස් විකුන විකුණන එක නෙවෙයි වෙළදාම. අධ්‍යාපනයයි සෞඛ්‍යයයි විකුනන්න තීරනය කළාම මෙන්න මේකයි වෙන්නෙ. ඒ වෛද්‍ය විද්‍යාලයට එන දරුවො දන්නෙ නෑ මේ කතාව. පස්සෙ තමයි දන්නෙ, විශ්ව විද්‍යාල කියලා ආවට පස්සෙ තමයි දන්නෙ සායනික පුහුණුවක් නෑ. ඉතින් ඊට පස්සෙ මොකද කරන්නෙ. කප්පම් දෙන්න පටන් ගන්නවා. අර වෛද්‍ය විද්‍යාලයෙ ඉගෙන ගන්න ආව සහෝදරියන්ගෙ ඡායාරූප පෙන්නලා කියනවා, ඕන කෙනෙක් ගෙනත් දෙන්නම් දැන් කියන්න කියලා. එක සහෝදරියක්ගෙ ජීවිතය පවා නැති වුණා. ඒ සහෝදරියට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදු වුණා. දැන් මේක වෙන්නෙ නෑ කියලා කාටද සහතික වෙන්න පුලුවන්. අධ්‍යාපනයයි සෞඛ්‍යයයි විකුණන්න පටන් ගත්තම මෙන්න මේක තමයි වෙන්නෙ.
දහස් ගණනක් පාරට බැහැලා සටන් කරද්දි ගෙයක් ගෙයක් ගානෙ ගිහිල්ලා අත්සන් එකතු කරද්දි නිදහස් අධ්‍යාපනයක් ඕන කියලා කියද්දි ඒ පසුබිමේ තමයි කන්නංගර මහත්තයා නිදහස් අධ්‍යාපන පනත ගෙනාවෙ. මේ යෝජනා අතර තියෙන ශ්‍රේෂ්ඨ යෝජනාව බාලාංශයේ සිට විශ්ව විද්‍යාලය දක්වා නොමිලයේ අධ්‍යාපනය දියයුතුයි කියන එක. ඒක ශ්‍රේෂ්ඨ වෙන්නෙ කොහොමද? මිනිහෙක් වෙලා ඉපදුණාට මිනිස්සු අතර හිටියට අපි මිනිස්සු වෙන්නෙ නෑ. මිනිහෙක් වෙන්න නම් මිනිස්සු පරම්පරා ගණනක් උකහා ගත්ත දැනුම ලබා ගන්න ඕන. ඒක බේදයක් නැතිව දෙන්න ඕන. ඒක සල්ලි තියෙන නිසා ලබාගන්න නෙවෙයි, දැන් සමහරු අපේ සටන්පාඨ දැකලා කියනවා අපි කුහකයිලු. වෛද්‍යවරු, ඉංජිනේරුවො කුහකයි. උන්ගෙ වැඩේ කරගත්තට පස්සෙ අපේ දරුවට ඉගෙන ගන්නන දෙන්නෙ නෑ. සල්ලි තියෙන කෙනාට ඉගෙන ගන්න ඉඩ දෙන්නෙ නෑ කියනවා. නමුත් අපි කියන්නෙ මෙතන ඉන්න කවුරුත් ලක්ෂ 120ක් ගෙවලා දරුවන්ට උගන්වන්න පුලුවන් අය නෙවෙයි. අපි නෙවිල් ප්‍රනාන්නදු එක්ක තියෙන තරහකට නෙවෙයි සයිටම් එකට විරෝධය පළ කරන්නෙ. එස්.බී. දිසානායකට, කිරිඇල්ලට තියෙන තරහට නෙවෙයි අපි මේ කියන්නෙ.
අපි කියන්නෙ, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය මේව විකුණන්න දෙන්න බෑ. මාලබේ සයිටම් ආයතනයට අපි විරුද්ධ වෙන්නෙ මෙන්න මේ පදනමින්. මොකද මේක පිළිගත්තොත් බුරුතු පිටින් එනවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විතරක් නෙවෙයි, දැන් අපේ රටේ තියනවා ඉංජිනේරු උපාධිය මුදලට දෙන ආයතන. හැබැයි ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය ඒ උපාධි පිලිගන්නෙ නෑ. සයිටම් එක පිළිගන්නවා කියන්නෙ ඒ සේරම පිළිගන්න වෙනවා. ප්‍රමිතිය නොසිතා පිළිගන්න වෙනවා.
ඒ නිසා සමීර සේනාරත්නලාගෙ සෙල්ලම එළි පිට හෙළිදරව් වෙලා තියෙද්දි, නීතිය එක්ක කරපු සෙල්ලම හෙළිදරව් වෙලා තියෙද්දි අද සමීරලා කෝ? අධිකරණයට ගේන්න කෝ? උත්තරීතර නීතියට හසුවෙලාද? තාජුඩීන්ගේ සිරුරු කොටස් 26ක් තියාගෙන හිටියා. කෝ උත්තරීතර නීතිය අපි අහනවා. කෝ නිකුත් කරපු වරෙන්තු ? ආනන්ද සමරසේකර තමයි තාජුඩින්ගෙ සිරුරු කොටස් සයිටම් එකට අරන් ගියේ කියලා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තා කළා අධිකරණයට, මොකද වුණේ?
අපිට කොහොමද? ගෙවල්වලටම ඇවිත් සිතාසි භාර දීලා යනවා. ආවෙ නැත්නම් සති ගණන් හිරගතකරනවා. සමීර සේනාරත්නට ඒ මොකුත් නෑ. මෙන්න හොරා ගෙන්නලා සාකච්ඡා කරපු එකේ ප්‍රතිඵල. ජනාධිපතිවරයා හොරා ගෙන්නුවා සාකච්චාවකට. හොරා ගෙන්නලා ඔයා හොරකම් කරනවා කියලා අපි දන්නවා. අපිටත් කුට්ටිය හම්බ වෙනවා කියලත් දන්නවා. අනේ ටිකක් විනීතව හොරකම් කරන්නකො. ඔන්න හොරා විනීත වෙලා. හොරාගෙ වෙඩි අතේ පත්තු වෙලා තියෙද්දිත් මේ රටේ විධායකයට බැරිවෙලා තියෙනවා අඩුම ගානෙ අත්අඩංගුවට ගන්න කියන්න. මේ සියල්ල එලිදරව් වෙලා තියෙද්දි කොන්ද කෙළින් තියාගෙන ජනතාව පැත්තෙ හිටගෙන කියන්න බෑ. හොරකම මෙහෙම තමයි 2009 ඉදලා අමු අමුවෙ බොරුව කළේ. වෛද්‍ය සභාව අනුමත කළ කියල බොරු කළා. අපි කියනවා අධ්‍යාපනය සෞඛ්‍ය විකුණන්න නම් හොරකමට තමයි ප්‍රමිතිය දෙන්න වෙන්නෙ. වංචාවට දූෂනයට තමයි ප්‍රමිතිය දෙන්න වෙන්නෙ. ඒක තමයි මේ සමාජ ක්‍රමයේ හැටි.
අපි කියනවා, අධ්‍යාපනයත් සෞඛ්‍යයත් විකිණෙන ඕනම තැනක හොරකම අනිවාර්යයි. වංචාව දූෂණය අනිවාර්යයි. මිනී මැරුම් අනිවාර්යයි. කවිෂගෙ අම්මා පුතාව සයිටම් එකේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට අරන් ගියේ මරන්න නෙවෙයි. සයිටම් එකට ඉරේෂා අරන් ගියේ මරන්න නෙවෙයි. හැබැයි කවීෂට දෙන්න කියලා මේ රටේ ලේ පරිත්‍යාගශීලින් දුන්න ලේ ටිකටත් මිලක් නියම කළේ නෙවිල් ප්‍රනාන්දුගෙ රෝහලේදි. ඉරේෂව මරලා දුම්මා. දැන් අපි අහනවා අපේ ජීවිතවලටත් මේ ටික වෙනකංද බලා ගෙන ඉන්නෙ. දහස් ගණනකට අධ්‍යාපන අයිතිය අහිමි වෙනකං, සෞඛ්‍ය සේවා අහිමි වෙනකංද මේ බලාගෙන ඉන්නෙ? අපි කියනවා මේක අපට බලාගෙන ඉන්න බෑ. මිනිස්සු විදියට අපට බලා ඉන්න බෑ එහෙම වෙනකං. අපි ඉගෙන ගත්ත දේවල් තියෙනවා. මනුෂ්‍යත්වයට අපි ගරු කරනවා. ඒ නිසා තමයි මේ බොහෝ දෙනා, තමන්ගෙ රැකියා ගැන නොහිතා, අධ්‍යාපනය ගැන නොහිතා, තමන්ගෙ/ ජීවිතය ගැන නොහිතා මේ දහස් ගණනින් පාරට බැහැලා ඉන්නෙ. ඒ නිසා මේ දහස් ගණනක් පාරට බැහැලා ඉන්නෙ ඒ මනුෂ්‍යත්වය වෙනුවෙන් කියලා අපි විහ්වාස කරනවා. ඒ එක ගොඩනැගිල්ලකට එක ආයතනයකට එරෙහි අරගලයක් නෙවෙයි, මෙ සයිටම් අරගලය කියන්නෙ තවත් පෞද්ගලික විශ්ව විද්‍යාලයකට එරෙහි අරගලයක් නෙවෙයි. එහෙනම් කොහොමද මේ අරගලය දිනන්නෙ?
දැන් හැමෝම අහන දෙයක් තමයි කොහොමද අරගලය ජයග්‍රහනය කරා ගෙනයන්නෙ කියන එක. අපි කියන්නම් මේ අරගලය ජයග්‍රහණය කරන මාවත ගැන. මේ රටේ කිසිම දවසක නැති විදියට විවිධ බලවේග සටන්කරන මිනිස්සු එක් වේදිකාවකට ඇවිත්. ඉතිහාසය තුළ එකම අරමුණකට එකතු නොවුනු තරම් බලවේග අද මේ අරගලය වෙනුවෙන් එක් වෙලා ඉන්නෙ. ඒක දැන් කරලා තියෙන්නෙ. එක තැනකට ඇවිත් තියෙන්නෙ. ඒ කාර්ය අවසන් කරලා තියෙන්නෙ. එහෙනම් කොහොමද මේක ජයගන්නෙ. අපි කියනවා ජයග්‍රහනය කරන්නෙ මෙන්න මෙහෙම. අර දරුවන්ට පොත් ලන්න බැරි නිසා මාතර නිල්වලා ගගට පනිනින්න ගිය අම්මා මේ සටනට එන්න ඕන. රුපියල් 800 ගෙවාගන්න බැරිව පාලමෙන් පනින්න ගිය අර සහෝදරිය මේ සටනට එන්න ඕන. අධ්‍යාපනය විකුණන එකට සෞඛ්‍ය විකුණන එකට විරුද්ධ ජනතාව මේ අරගලයට එකතු වෙන්න ඕන. ඒ නිසා අපි කියනවා මේ සියලු දෙනා මේ අරගලයට එන්න ඕන. එහෙම තමයි මේ අරගලයෙ ජයග්‍රහණය සටහන් වෙන්නෙ.
එක්සත් ජාතික පක්ෂය බලයෙ ඉන්නවා කියලා ඒ පක්ෂයේ අයට ගාස්තුව අඩු වෙන්නෙ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියලා මේ අයකරන ගාස්තු අඩු වෙන්නෙ නෑ. මහින්ද රාජපක්ෂ කියලා, ජනතා විමුක්ති පෙරමුන බලයට පත් වුණාම ගෙවනකං කියලා මේ උපාධිය ගන්න අය කරන මුදල අඩු වෙන්නෙ නෑ. එහෙම නම් බලය තියෙන්නෙ කොතැනද? අපි ශිෂ්‍ය සංගම් මේ අරගලයට එකතු වුණා. වෘත්තිය සමිති එකත්‍ර වුණා. දේශපාලන පක්ෂ එකතු වුණා. දැන් ඉතින් අපි සියලු දෙනාම එකතු වෙලා ජනතාව දැනුවත් කරමින් ජනතාව මේ අරගලයට සම්බන්ධ කරගන්නා වැඩේට බහිමු කියන යෝජනාව අපට තිබෙනවා.
ඒ නිසා අපි ආරාධනා කරනවා, මාර්තු 8 වැනිදා සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය වශයෙන් අපි දැවැන්ත විරෝධතාවයකට එකතු වෙමු. අධ්‍යාපන අයිතිය වෙනුවෙන්, සෞඛ්‍ය සේවා අයිතිය වෙනුවෙන් ඔබ එක දවසක් කැප කරන්න. මේ එකතු වෙලා ඉන්න සටන්කාමී බලවේගවලින් අපි ඉල්ලනවා. මාර්තු 8 වැනිදා වැඩ බිම්වලින් පාරට බහිමු. ඉන්න තැන්වලින් පාරට බහිමු. ගෙයක් ගෙයක් ගානෙ අපි පාරට බහිමු. එදාට අපි ආණ්ඩුවට රනිල් මෛත්‍රි පාලනයට කියමු. උඹලගේ විධායක බලයට වඩා උඹලගේ අධිකරණයට වඩා උඹලගෙ පාර්ලිමේන්තු බලයට වඩා මෙතන තමයි බලය, ජනතා බලය තමයි ඇත්ත බලය. ඒ නිසා රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ඇතුළු සියලුම වෘත්තිය සමිතිවලට අපි ආරාධනා කරනවා.
මේ කතාව අවසන් කරන්න කළින් මාර්තු 8 වැනිදා අපි සියලුම දෙනා කොළඹට එන ලෙස ආරාධනා කරනවා. ඒ වගේම ආණ්ඩුවට අපි කියනවා. අපට ඉතිහාසය විකෘති කරලා පෙන්වන ආණ්ඩුවට අපි ඉතිහාසයෙන් පාඩම මතක්කරමු. ඒ තමයි පද්මසිරි ත්‍රිමා විතාන සහෝදරයා උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරගලය ආරම්භ වෙද්දි පොත් ටික ලාච්චුවට දාලා කිව්වා, අරගලය ජයගන්නා තෙක් මේ පොත් අතට ගන්නෙ නෑ කියලා. ඔහුට ඒ වැනි අධිෂ්ඨානයක් තිබුණා.
එදා ත්‍රිමාට පොත්ටික අතට ගන්න බැරි වුණා, ඔලුවට පරාල ඇණ ගහලා ත්‍රිමාව මරලා දැම්මා.හැබැයි අද සිය ගණනක් ත්‍රිමාලා පොත් බිම තියලා ඉවරයි. අපි අද පාලකයන්ට කියනවා, ඉතිහාසය විසින් උඹලාට උගන්වන පාඩම ඉගෙන ගන්න සූදානම් වෙයල්ලා. හවුල් ආණ්ඩුවට ඒ පාඩම ඉගෙන ගන්න සූදානම් වෙන්න කියලා අපි කියනවා.
ඉතිහාසය පාලකයන්ට කියා දෙන පාඩම මෙන්න මෙහෙමයි,
අතු පැලේ පැල්පතේ ඈත දුර ගමේ – නගරයේ මුඩුක්කුවේ බඩගින්නේ
අයිතියේ නිදහසේ ලතෝනිය – කුණාටුවක් වී හමන හෙට දිනේ
තොපේ මුලු ජීවිතේ මළගම බව ලියැවී ඇත.
බලාපල්ලා හොදින් පිටු පෙරලා
සයිටම් විරෝධී අරගලයට ජය වේවා!
නිදහස් අධ්‍යාපනයක් දිනාගැනීමේ අරගලයට ජය වේවා!
නිදහස් සෞඛ්‍ය සේවාවක් දිනා ගැනීමේ අරගලයට ජය වේවා!
ජය වේවා, ජය වේවා, ජය වේවා!”
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment