සයිටම් අහෝසි කිරීම සඳහා පුළුල්ම සිසු ජන බලය ගොඩනැගේ.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් 2008 වසරේ ආරම්භ කරන ලද මාලඹේ සයිටම් හොර උපාධි කඩයට එරෙහි අරගලයේ එක තීරණාත්මක සන්ධිස්ථානයක් 2017.02.09 දින නුගේගොඩදී සනිටුහන් කෙරුණි. සයිටම් උපාධි කඩය ආරම්භක මොහොතේ සිට ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස සයිටම් උපාධි කඩයට එරෙහිව  අරගලයක නිරත වූ අතර ඒ අවස්ථාවේ මෙම අරගලය වටා ශිෂ්‍ය ව්‍යාපාරය සමගින් ඉතා සීමිත සංවිධාන ප්‍රමාණයක් පමණක් සම්බන්ධ විය. 
                    එහෙත් සයිටම් අරගලය වටා ඉතා දැවැන්ත සිසු  ජන බලයක් ගොඩනගන්නට පසුගිය කාලය තුල ශිෂ්‍ය ව්‍යාපාරය සමත් විය.එම සිසු ජන බලයේ ප්‍රකාශනයක් සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය හරහා ඊයේ දින ප්‍රකාශ කෙරුනේ නුගේගොඩ එළිමහන් රංග පීඨයේදී සංවිධානය කරන ලද විරෝධතා රැලිය තුලිනි.මේ සඳහා ඉතා දේශපාලන පක්ෂ,වෘත්තීය සමිති විශාල ප්‍රමාණයක් සම්බන්ධ විය. මෙම විරෝධතා රැලියට සමගාමිව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට විරෝධතා පාගමනක්ද පැවැත්විය. 

රැලියට සම්බන්ධවූ සංවිධාන

සමස්ථ ලංකා විදුහල්පති සේවක සංගමය
ඒකාබද්ධ ගුරු සේවා සංගමය
ලංකා ගුරු සංගමය
ස්වාධීන ලංකා ගුරු සංගමය
සමස්ථ ලංකා ගුරු සේවා සංගමය
ප‍්‍රගති ගුරු සංගමය
ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය
පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය
ස්වාධීන තටාකාංගන සේවක සංගමය
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය
සමස්ථ ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය
සමස්ථ ලංකා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය
ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය
රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය
ලංකා වතු සේවා සංගමයකම්කරු අරගල මධ්‍යස්ථානය
රජයේ මුද‍්‍රණ ශිල්පීන්ගේ සංගමය
එක්සත් කම්කරු සම්මේලනය
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය
රක්ෂණ සේවක සංගමය
ෆ‍්‍රැක්සිස් සාමුහිකය
ඒකාබද්ධ රැුකියා විරහිත උපාධිදාරීන්ගේ සංගමය
දුම්රිය සේවක සංගමය
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය
සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානය
ශ‍්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය
ධීවර සංවිධාන එකමුතුව
එක්සත් තටාක සේවක සංගමය
ශ‍්‍රී ලංකා නීතීඥ සේවක සංගමය
අලූත් පරපුර


රැලියට සම්බන්ධවූ දේශපාලන පක්ෂ

ජනතා විමුක්ති පෙරමුණ
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
මහජන එක්සත් පෙරමුණ
ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ
ජාතික හෙළ උරුමය
ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය
එක්සත් සමාජවාදී පක්ෂය
ලංකා සම සමාජ පක්ෂය
කොමියුනිස්ට් පක්ෂය

රැලියට සම්බන්ධවූ  විශ්වවිද්‍යාල ආචාර්යවරු

නිර්මාල් රංජිත් දේවසිරි
අනුරුද්ධ ප‍්‍රදීප්