දේශපාලන සංදර්ශන සඳහා විශ්වවිද්‍යාල යොදා ගැනීමට දරණ උත්සාහයට ආචාර්ය විරෝධය.

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව මේ මස 20වන දා ආරම්භ වීමට නියමිතව තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු ජනපති සංචාරයක් හේතුවෙන් 22 වන දා දක්වා කල් දැමීමට තීරණය කොට ඇත.
මෙහිදී පීඨ පරිපාලනය දැනුවත් කිරීමක් සිදු නොවීමත් විශ්වවිද්‍යාලයීය අධ්‍යන කටයුතුවලට සිදුවන බලපෑම පිළිබඳව නොසලකා හැරීමත් හේතුවෙන් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු සිය දැඩි විරෝධය පළ කරන ලදි. තවද මේ වන විටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමය සිය විරෝධය විශ්වවිද්‍යාලයීය පරිපාලනයට ලිඛිතව ඉදිරිපත් කොට ඇත.