අපිට අයිති අපේ ජීවිත - අහන්න ඇය කියන දෙය, සමහරවිට එය ඔබ සොයන කතාවක් විය හැක.

ජොසපින්ගෙන් පත‍්‍රිකාවක් ”පසුගිය අපේ‍්‍රල් 15 දා යුරෝපා බැංකුවේ සභාපතිවරයා ජර්මනියේ පැවැත්වූ මාධ්‍ය හමුවට පැමිණ ඔහුගේ මේසය මත විරෝධය පෑ 21 හැවිරිදි ජොසපින් විට් විසින් ලියා එහි විසුරුවා හැරි ප‍්‍රත‍්‍රිකාව මෙසේ අප ඔබ වෙත ගෙන එමු. එය ඇගේ ට්ටිටර් පිටුවේ සටහන් කරමින් කියා තිබුනේ.
අදාල සිදුවීම හා කළහය ගැන බොහෝ දෙනා කතා කලත් ඇය ඒ වෙලාවේ කී දෙය හා ඇගේ පත‍්‍රිකාව ගැන කිසිවෙක් නොඇසූ බවයි. ලංකාවේද සියලූ මාධ්‍යයන් පාහේ මෙම පුවත වාර්තා කර මුත් ඒ හුදෙක් ගෝරියක් ලෙස මිස ඒ තුළ වූ සැබෑ කතාව වාර්තා නොවුනි. ඒ නිසා අප ඇය යුරෝපා බැංකු සභාපතිවරයා ගේ හිස මත විසිරවු පත‍්‍රිකාව මෙසේ ගෙන එමු. මේ සිදුවීමත් සමග ඇය අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කර තිබුණි.” අහන්න ඇය කියන දෙය, සමහරවිට එය ඔබ සොයන කතාවක් විය හැක. ෆෑන්ක්ෆර්ට් 15.04.2015 අපිට අයිති අපේ ජීවිත - සමහර වෙලාවට එය අපට මතක් කරන්නත් අමාරු තරමේ, යුරෝපානු මධ්‍යම බැංකුවේ බලහත්කාරී බලවත් මූල්‍ය ප‍්‍රතිපත්තියේ මුහුණ ඉදිරියේ අසරණව සිටී. අපිට අයිති අපේ ජීවිත - යුරෝපානු මධ්‍යම බැංකුවේ සූදු කී‍්‍රඩාවේ කොටසක් නොවෙයි. ඒ වගේම සෙල්ලම් කරන්නවත් විකුණන්නවත් කොල්ලකන්නවත් දෙයක් නෙවෙයි. අපිට අයිති අපේ ජීවිත ! අපේ දුප්පත්කම අපේ පෞද්ගලික පරාජයක් හෝ වෙනස් කළ නොහැකි දෛවයක් ලෙස අප භාර නොගන්නා විට එකී පීඩාවට එරෙහිව උද්ඝෝෂණය කරාවි. යුරෝපානු මධ්‍යම බැංකුව විශ්වයේ අධිපතියාණනි, මං ආවෙ උඹට මතක් කරන්න මෙහි දෙවිවරු නෑ. නමුත් මෙහෙ ඉන්නව මිනිස්සු සහ තියෙනව උන්ගෙ ජීවිත, උඹ සේවාවක් කරනව කියා උන් පාලනය කරනවනම්, උඹට ඇහේවි අපේ උද්ඝෝෂණය වඩා සද්දෙන්, වඩා ගිනියම්ව, උඹේ මන්දිර ඇතුළත හා පිටත, හැමතැනම, උඹට විවේකයක් නැති වේවි. යුරෝපානු මධ්‍යම බැංකුවට නොනැසී පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නෙ ඒකාධිපති හෙජමොනියකින් විතරයි, රාජ්‍ය ආරක්ෂාවෙන් හා පොලිස් ආරක්ෂාවෙන්, අවසානයේ, දිනපතා පැනනගින අරගලයෙන්. අපි හොයාගන්නව අපේ රැඩිකල් පිළිතුර. කි‍්‍රයාත්මකවෙනව, ප‍්‍රචණ්ඩත්වයෙන් තොරව, මානව විනාශකරුවන්ට එදිරිව. මක්නිසාදයත් අපි ලෑස්ති නෑ එකග වෙන්න උන්මත්තක කතා වලට, යුරෝපානු මධ්‍යම බැංකුවට අවශ්‍යය හැම මිනිහෙක්ටම අත තියන්න, කතා කිරීමේ නිදහස, ආත්ම ගෞරවය පවා විකිණිය හැකි නොනැසී පවතින්න දෙයක් කරන්න . මිනිස්සුන්ට එරෙහිව එහි මානය පවත්වාගෙන යන්න යුරෝපානු මධ්‍යම බැංකුව අවදානම් සහගත ලෙස ඔවුන්ගේ ණය වැඩි කරනව. ඔන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදය ! ඕකට ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියල කියන්න මාධ්‍ය සාකච්චාවක් ප‍්‍රමාණවත් වෙන් නෑ. මම එකග වෙන් නෑ මේ අවජාතක ආයතනයට , මගේ හඩ අහන්න, මගේ පණිවිඩය තේරුම් ගන්න, ඒක අහන්න ඕනෑකම තව තවත් වැඩිවෙයි, නමුත් මං දන්නව ගොඩක් මිනිස්සු මේ ප‍්‍රශ්නය හොදට අදුනගන්නව. උඹ දැනගනින් මම අද නිකම්ම සමනළයෙක් විතරයි උඹට වාක්‍යක් අරගෙන එන, නමුත් බිය වෙයන්, තව බොහෝ දේ පැමිණෙමින් තිබෙනව, අපේ ජීවිතවල බලය අපි නැවත ලබා ගන්නව. යුරෝපානු මධ්‍යම බැංකුවේ ණය තවම ගෙවල නෑ ගිණිසිළුව
( විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ මධ්‍යම පුවත් පත )