සමසෞඛ්‍ය සත්‍යග්‍රාහය තර්ජන මැද්දේ ඉදිරියට

සිව් අවුරුදු සම සෞඛ්‍ය විද්‍යා උපාධී පාඨමාලාව වසර 3ක් දක්වා කප්පාදුවට එරෙහිව රුහුණ සම සෞඛ්‍ය සිසුන් සංවිධානය කළ අඛණ්ඩ සත්‍යග්‍රහය පොලීසියේ දැඩි බධා කිරීම් මධ්‍යයේ අද ආරම්භ කෙරුනි.
අද උදෑසන 10.30ට පමණ ලබුදූව ශිෂ්‍ය නේවාසිකාගාර පරිශ්‍ර‍‍යෙන් ඇරඹිණි. විරෝධතා පා ගමන පැය දෙක හමාරක පමණ කාලයකින් ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පල ඉදිරියට ලගා විය. එහිදී ශිෂ්‍යයන් විසින් මිනී පෙට්ටියක් මල් වඩමක් හා S.B. දිසානායක ඇමති තුමාගේ රුව සහිත පඹයෙක්ද ප්‍රදර්ශනය කරමින් විරෝධතාවය දක්වන ලදී. විරෝධතාවය අතරතුරදී පොලිස් නිළධාරින්ගේ දැඩි බාධා කිරීම් මධ්‍ය‍යේ පඹයා පුලුස්සා දමන ලදී. මෙහිදි පොලිස් නිළධාරින් විසින් ශිෂ්‍යන් වීඩීයෝ ගත කරමින්ද තර්ජනය කරමින්ද නිල ඇදුම් ඇද ගත් මැරයන් පිරිසක් ලෙස හැසිරිනි. කෙසේ වුවද සියලු බාධා කිරීම් මධ්‍ය‍යේ සිසුන් විසින් අඛණ්ඩ සත්‍යග්‍රහය ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පල ඉදිරිපිට පවත්වා ගෙන යයි.