මහපොළ 5000 ක් කරනු! සිසුන් සටන් බිමට..

 රුහුණු විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කල විරෝධතා පා ගමන හා උද්ඝෝෂණය 2013/12/12 දිනයේදී පැවැත්විණ.
“මේ වන විට ලැබෙන රුපියල් 2500 ක් වන මහපොළ මුදල හා රුපියල් 2000 ක් වන ශිෂ්‍යාධාර මුදල විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගේ මාසික වියදම් පියවා ගැනීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන අතර බෝඩිම් කුලිය පමණක් රුපියල් 3000 ක් වෙනවා. එමෙන්ම අනෙකුත් වියදම් ද සලකු විට විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගේ මාසික වියදම රුපියල් 10000  ක් 15000 විතර වෙනවා, එම මුදල සොයා ගැනීම සඳහා අධ්‍යාපන කටයුතු වලින් බැහැර වෙලා රැකියා කරන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිදුව තිබෙනවා. වසර 8 ක් තිස්සේ වැඩි වුනු ජීවන වියදමට සාපේක්ෂව මහපොළ හා ශිෂ්‍යාධාර මුදල රුපියල් 5000 කට වඩා ඉහල යා යුතුයි. එවැනි තත්ත්වයක් තුල ආණ්ඩුව තවදුරටත් සිදු කරලා තියෙන්නේ ප්‍රතිපාදන කප්පාදුවක්.”රුහුණු විශ්වවිද්‍යාල ඉදිරිපිටින් ආරම්භ කල පා ගමන මාතර නගරය දක්වා ගමන් කිරීමෙන් අනතුරුව මාතර නගර මධ්‍යයෙදී උද්ඝෝෂණක් පවත්වා විරෝධතාවේ නිරත් විය.