ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය තාවකාලිකව වසා දැමේ...
ගාල්ල විද්‍යාලෝක විදුහලේ ඇති වූ උණුසුම්කාරි තත්වයක් හේතුවෙන් අද එම විදුහල තාවකාලිකව වසා දමා ඇත. විදුහලේ සිසුන් නිවෙස් වෙත පිටත් කර යවා තිබේ.
මෙම විදුහලට රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නව විදුහල්පතිවරයකු පත් කර ඇති අතර ඔහු අද වැඩ බැර ගැනීමට ගිය අවස්ථාවේදී මෙලෙස උණුසුම්කාරී තත්වයක් ඇති වී තිබේ. පාසල් සිසුන් හා ප‍්‍රදේශවාසීන් විසින් නව විදුහල්පතිවරයාගේ රථයට ගල් ගසා ඇති බවත් ඒ නිසා රථයට අලාභහානි සිදුව ඇති බවත් වාර්තා වේ.
මේ අතර සිසුන් සිව් දෙනකුටද තුවාල සිදුව ඇතැයි වාර්තා වේ.
අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ අලුතෙන් පත් කළ විදුහල්පතිවරයාට වැඩ බාර ගැනීමට ඉඩ නොදීම නිසා හිටපු වැඩ බලන විදුහල්පතිවරයාගේ වැඩ තාවකාලිකව තහනම් කර තිබෙන බවයි.