අධ්‍යාපන ලේකම් සමාව ඉල්ලයි...
බණ්ඩාරවෙල විශාඛා විදුහලට පත් කළ නව විදුහල්පතිනියට වැඩ බාර ගැනීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාතයාංශයේ ලේකම්වරයා අධිකරණයෙන් සමාව ඉල්ලා ඇත.
ඒ, එම විදුහල්පතිනිය විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදීය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතාගෙන් අධිකරණය විමසා සිටියේ ස්වාධීන කොමිෂන් සභාවක් වන රාජ්‍ය සේවා කොමිසම විසින් දෙන ලද තීරණයක් වෙනස් කිරීමට ඔහුට ඇති බලය කුමක්ද යන්නයි. ඔහු විසින් සිදු කර ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 51වැනි වගන්තිය යටතේ දඬුවම් කළ හැකි වරදක් බවද අධිකරණය පෙන්වා දී තිබේ.
පෙත්සම විභාගයට ගැනීම ලබන වසරේ මාර්තු 21 වැනිදාට කල් තැබිණි.