පෝස්ටර් උලා කයි...
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ගෙන ගිය අරගලය අතරතුර මිය ගිය සිය සොයුරන් දෙදෙනා වෙනුවෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ප්‍රදර්ශනය කරන ලද පෝස්ටර් නිල ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් විසින් ගලවා දමන අයුරු අද දැකගත හැකි විය.
එම පෝස්ටරයේ කිසිදු රාජ්‍ය විරෝධී පාඨයක් අන්තර්ගත වී නැත. පොලිසිය විසින් ඉරා දමනු ලබන්නේ එම නීත්‍යනුකූල ලෙස අලවා තිබූ පෝස්ටර්ය.
රාජ්‍ය විරෝධී වැකි සඳහන් නොවන නිසා මෙම පෝස්ටරයට විරුද්ධව කිසිදු නෛතික පියවරක් ගත නොහැකිව සිටින ආණ්ඩුව පොලිසිය යොදා මෙලෙස පෝස්ටර් ඉරා දමන්නේ සිසුන්ගේ මරණ ජනතාවගේ අවධානයෙන් ඈත් කර තැබීම සඳහා බව පැහැදිලිය.
රිය අනතුර සම්බන්ධයෙන් සිදු කළ යුතු පරීක්ෂණ සිදු කිරීමෙන් මග හැර සිටින ආණ්ඩුවට මිය ගිය සිසුන් වෙනුවෙන් ආචාරය පළ කරමින් ඇල වූ පෝස්ටර් පොලිසිය යොදා ඉවත් කිරීමට අවශ්‍ය වී තිබෙන්නේ ඇයි?
එම පෝස්ටරය පහත පළ කර ඇත.