අමාත්‍යාංශය ලබාදුන් පත්වීම්වලින් කිසිවෙකුට අදාළ තනතුරු හිමිවන්නේ නැහැ...
අධ්‍යාපන අමාත්‍යාංශය ලබාදුන් පත්වීම්වලින් කිසිවෙකුට අදාළ තනතුරු හිමි නොවන බව ලංකා ගුරුසේවා සංගමය පවසා ඇත. එසේම ව්‍යවස්ථානුකූල නොවන සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වීම තුළින් බරපතළ ගැටළු රැසක් නිර්මාණය කර ඇති බවත් මෙම අවිධිමත් පත්වීම් විධිමත් කිරීමට කටයුතු නොකරන්නේ නම් ඒ සඳහා වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබේ.
එම සංගමය මගින් නිකුත් කළ නිවේදනයේ වැඩි විස්තර පහත පළවේ.
‘‘ශි‍්‍ර ලංකා විදුහල්පති සේවයේ 2- ii හි හා 3 හි තනතුරු වල විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් තිබියදී එම කරුණු වසංකර තරඟ විභාගයෙන් විශේෂ දක්‍ෂතා පෙන්වූ ගුරුවරුන් රැසකට අධ්‍යාපන අමාත්‍යාංශය, පසුගියදා (02) අරලියගහ මන්දීරයට කැඳවා තනතුරු අහිමි, අධිසේවක සංඛ්‍යාව මත පත්වීම් ලබාදීමට කටයුතු කර ඇත. එහිදී විශේෂයෙන් තරග විභාගයෙන් ඉහළ ළකුණු ලබා සුදුසුකම් සැපිරූ සැළකියයුතු පිරිසකට පත්වීම් ලබා දී නැති අතර සම්මුඛ පරීක්‍ෂණවලදී සිදුවූ බරපතළ වැරදි සම්පූර්ණයෙන් නිවැරදි කිරීමට ද කටයුතුකර නැත. ඒ අනුව මෙම පත්වීම් අපේක්‍ෂාවෙන් සිටි අයදුම්කරුවන් විශාල පිරිසකට දැඩි අසාධාරණයක් සිදුව ඇති අතර එය නිවැරදි කිරීමට කටයුතු කරන ලෙස ලංකා ගුරුසේවා සංගමය බලකර සිටිමු.
විශේෂයෙන් ව්‍යවස්ථානුකූලව පවත්වන තරඟ විභාගයකින් අනතුරුව ඒ මත පවතින පුරප්පාඩු සඳහා ව්‍යස්ථානුකූලව කැඳවිය යුතු අයදුම්කරුවන් සම්මුඛ පරීක්‍ෂණවලට කැඳවා විධිමත්ව පත්වීම් ලබාදිය යුතු වුවත් එවැනි පටිපාටියකින් බැහැරව අධ්‍යාපන අමාත්‍යාංශය විභාගයට පෙනීසිටි සියලූ අයදුම්කරුවන් පළාත් මට්ටමින් සම්මුඛ පරීක්‍ෂණවලට කැඳවා සිදුකළ ව්‍යවස්ථානුකූල නොවන සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වීම තුළින් අද බරපතළ ගැටලු රැසක් නිර්මාණය කර ඇති අතර ඒ කිසිවක් නිවැරදි කර විධිමත් පත්වීම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය මෙවරද කටයුතු කර නොමැත. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය ලබාදුන් මෙම පත්වීම් හිමි කිසිවෙකුට අදාළ තනතුරු හිමි නොවන අතර සේවා උසස්වීම්, වැටුප්, ස්ථාන මාරුවීම් වැනි අවස්ථාවලදී විවිධ ගැටළුවලට මුහුණ දීමට සිදුවන අතර මේ තුළ ඔවුන්ට සිදුවිය හැකි අසාධාරණයන් බොහොමයක් ඇති බවද අවධාරණය කරමු.
එහෙයින් මේ වනවිට දිවයින පුරා පාසල් තුළ විදුහල්පති සේවයේ පවතින පුරප්පාඩු සඳහා තරඟ විභාගයෙන් ඉහළ සුදුසුකම් ලැබූ මෙම පිරිස අනුමත සේවක සංඛ්‍යාවට ඇතුළත් කර නිත්‍ය තනතුරු වලට බඳවා ගැනීමටත් ඒ සඳහා විධිමත් පත්වීම් ලබාදීමටත් සුදුසුකම් සපුරා ඇති එහෙත් පත්වීම් ලබානොදුන් අයහට වහාම පත්වීම ලබාදිමටත් කටයුතු කරන ලෙස ලංකා ගුරුසේවා සංගමය ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටින අතර එය එසේ නොවන්නේ නම් සංගමයක් ලෙස ඒ සඳහා ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනීමට සිදුවන බව දැඩිව අවධාරණය කරමු.''