අණ්ඩුවෙන් සරසවි ඇදුරන්ට සාකච්ඡාවක්...
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා හෙට (6) දින ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර සාකච්ඡාවක් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව එම සාකච්ඡාව සදහා තම සංගමයට නිල වශයෙන් ආරාධනා කර ඇති බව ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා පැවසීය.
හෙට පැවැත්වෙන සාකච්ඡාවේදී විධිමත් තීන්දු තීරණ ගැනීමට හැකිවනු ඇති බවට තමන් විශ්වාසය පළ කරන බවද ඔහු ප්‍රකාශ කළේය.