සිසුන්ගේ අනතුර පිලිබඳ පොලීසියේ වගකීම ඉටුකර නෑ - මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්...
පසුගියදා ජීවීතක්ෂයට පත් වූ ජානක හා සිසිත සහෝදරවරුන්ගේ හිදිසි අනතුර පිළිබඳ මේවනවිට බරපතල සැකයක් මතුව ඇත. එමෙන්ම අනතුර සිදුවීමෙන් අනතුරුව පොලිසිය කි‍්‍රයාකර ඇති ආකාරය පිළිබඳ කෙසේවත් සැහීමකට පත්විය නොහැක.
පොලීසියේ මෙම ක්‍රියාකලාපය පිලිබඳව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඊයේ (05) දින මානව හිමිකම් කොමිසමට පැමිණිලිකරන ලදී. මේ සඳහා අන්තර් විශ්වවිද්‍යාලයේ නියොජිත චින්තක රාජපක්ෂ සහෝදරයා, නීතීඤ නුවන් බෝපගේ මහතා සහ සිසිත සොයුරාගේ පාර්ෂවය නියොජනය කරමින් ප්‍රියදර්ෂණී සිල්වා මහත්මියද සහභාගී වන ලදී.