යාපනේ සිංහල මහා විදුහල හමුදා කඳවුරකට...
යාපනයේ ආයුර්වේද පාරේ සිංහල මහා විදුහල නමින් පවත්වාගෙන යනු ලැබූ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් සඳහා යාපනයේ පිහිටා තිබූ එකම පාසල පිහිටි භූමියත් යුද හමුදා කඳවුරක් සඳහා යොදාගනිමින් සිටින බව වාර්තාවේ.
යාපනයේ කෝඹුතූර් ප‍්‍රදේශයේ තිබු එම යුද හමුදා කඳවුර ඉන් ඉවත්කරගෙන මෙම පාසල් භූමියට ගෙන ඒම සඳහා සැලසුම් කර ඇතැයි හමුදා ආරංචිමාර්ග අනාවරණය කරයි.
යාපනයේ කෝඹුතූර් ප‍්‍රදේශයේ තිබු එම යුද හමුදා කඳවුර ඉන් ඉවත්කරගෙන මෙම පාසල් භූමියට ගෙන ඒම සඳහා සැලසුම් කර ඇතැයි හමුදා ආරංචිමාර්ග අනාවරණය කරයි.
යුද්ධය පැවති සමයේ එම පාසල වසා දමා ඇත. 1960 වර්ෂයේදී මෙම පාසල ආරම්භ කිරීම සඳහා රජය සතු ඉඩම් ප්‍රමාණයට අමතරව පුද්ගලික ඉඩම්ද අත්පත්කරගෙන තිබේ.
පාසල සඳහා අත්පත්කර ගත් ඉඩම් වෙනත් කටයුත්තක් සඳහා යොදාගැනීමට අවසරදිය නොහැකි බව ප්‍රාදේශීය ලේකම්වරයා කියා සිටියි.