නගරාධිපති යකා නටයි විදුහල්පතිනිය නිහඬයි...
බොරැලැස්ගමුව නගරාධිපතිවරයා විසින් පසුගිය අඟහරුවාදා දින වේරහැර කණිෂ්ඨ විද්‍යාලයට අනවසරයෙන් ඇතුල් වී සිසුන්ට කුණුහරුපෙන් බැන තර්ජනය කර ඇත.
10, 11 වසරවල සිසුන් විසින් ගැහැණු ළමයකුට කරන ලද විහිළුවක් හේතුවෙන් උරණවී ඇති නගරාධිපතිවරයා මෙලෙස සිසුන්ට තර්ජනය කර තිබේ. මෙම පාසලේ විදුහල්පතිවරිය අදාල නගරාධිපතිවරයාට එරෙහිව කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මේ සම්බන්ධයෙන් පාසලේ ගුරුවරුන්ගෙන් දැඩි විරෝධයක් ප‍්‍රකාශ වෙමින් පවතී.
එමෙන්ම මෙම පාසලේ විදුහල්පතිවරිය මෙයට එරෙහි ක‍්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් විදුහල්පතිවරියට එරෙහිවද ගුරුවරුන්ගේ හා සිසුන්ගේ විරෝධයක් මතු වෙමින් තිබේ. ඇයට එරෙහිව තවත් චෝදනා කිහිපයක් විදුහලේ සිසුන්ගෙන් හා ආචාර්යවරුන්ගෙන් එල්ලවෙවෙමින් පවතී.
මෙම වෝදනා අතර ප්‍රධාන වශයෙන් මතුවී තිබෙන්නේ ගුරවරුන් විසින් පාවිච්චි කරන ලද පොදු වැසිකිලිය විදුහල්පතිවරිය විසින් තනි පාවිච්චියට ගැනීමත් පාසලේ ඇති පුස්තකාලය වසා එම කොටස තම කාර්යාලය ලෙස පවත්වාගෙන යාමත්ය.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගයකට යාමට ගුරුවරුන් සිසුන් සහ දෙමව්පියන් එක්ව සංවාදයක නියැලෙමින් සිටන බවත් වාර්තා වේ.