සරසවි ඇදුරන් ලබන සතියේ සිට යළිත් රජය සමඟ සාකච්ඡා...
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයන් ලබන සතියේදී රජය සමග යළිත් සාකච්ඡා ආරම්භ කරන බව එම සම්මේලනයේ ප්‍රධාන ලේකම් ටෙරන්ස් මධුජිත් මහතා පවසයි.
රජයෙන් ලබාදී තිබෙන පොරොන්දු ඉටුකර ගැනීම සඳහා රජය සමග නිරත්නතර සාකච්ඡාමය ක්‍රියාමාර්ගයක නිරතවීමට තම සම්මේලනය තීරණය කර ඇතැයි පවසන ඒ මහතා ලබන සතියේ සාකච්ඡා පැවැත්වෙන්නේ එම තීරණය අනුව බවද පැවසීය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සේවාව වෙනම සේවාවක් කිරීම ඇතුළු ඉල්ලීම් ලබාදීමට විශේෂ කමිටුවක් සහ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීමටත් රජය තම සංගමයට පොරොන්දු වී තිබෙන බවත්, එම පොරොන්දු ඉටුකරවා ගැනීම සාකච්ඡාවල අරමුණ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.