සරසවි සිසු පාගමන නෙළුම්දෙණියෙන් පිටත්වේ...
නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහස් දිනාගැනීමට පෙළගැසෙමු යන තේමාව යටතේ අවිශිබම විසින් සංවිධානය කරනු ලබන දැවැන්ත පාගමන අද උදෑසන නෙළුම්දෙණිය නගරයෙන් පිටත්වන ලදී.
මෙය අද සවස් කාලය වනටිට නිට්ටඹුව නගරය හරයා යක්කල නගරයට ළඟාවීමට නියමිතය. පසුගිය 24 දින පේරොදෙණිය සරසවියෙන් ඇරඹි මෙම පාගමනට මේවනවිට ඉතා ඉහල ජනතා ප්‍රතිචාර ලැබෙමින් පවතී.