5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵළ නිකුත්කෙරේ...

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵළ නිකුත්කර තිබේ. දැන් එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය. පසුගිය අගෝස්තු මස 26 වන දින පැවති පහ ශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයෝ තුන් ලක්ෂ දස දහස් තුන්සිය විසි නව දෙනෙකු පෙනී සිටියහ.
අදාළ ප්‍රතිඵල ලේඛන අද (25) දි‍නයේ සියලුම පාසල් වෙත තැපැල් කිරීමට නියමිත අතර කොළඹ අවට පාසල්වල ප්‍රතිඵල අද දින පෙරවරු 10 න් පසු විභාග දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් පාසල් ප්‍රධානීන්ට ලබාගත හැකි බව විභාග කොමසාරිස්වරයා පවසයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගේ සිසුන් තෝරා ගැනීම හා ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීම සඳහා ඒ ඒ දිස්ත්‍රික්ක වලට අනුව අදාළ අවම ලකුණු සීමාවන්ද විභාග දෙපාර්තමේන්තුව විසින් මේවන විට ප්‍රකාශයට පත් කර තිබේ.ඒ අනුව, අදාල දිස්ත්‍රික්කවල අවම ලකුණු සීමාවන් පහත දැක්වේ.

152 - කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල

148 - හම්බන්තොට සහ රත්නපුර

146 - අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල දිස්ත්‍රික්කවල

145 - අම්පාර, පුත්තලම සහ මොණරාගල

144 - වව්නියාව සහ ත්‍රීකුණාමලය

143 - නුවරඑළිය දිස්ත්‍රික්කය

කිසියම් අපේක්ෂකයෙකුගේ ලකුණු පිළිබඳ නැවත පරික්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය වන්නේ නම් ලබන මස 15 වන දිනට පෙර අදාළ පාසලේ විදුහල්පතිවරයා විසින් අභියාචනා ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ද්න්වා සිටී. කෙසේ නමුත් මෙම විභා‍ගයේ ප්‍රශ්න පත්‍ර පිටවී ඇතැයි විවිධ ගුරුසංගම් සහ මාධ්‍යමගින් අනාවරණය කළ අතර ඒ සම්බන්ධව ගම්පහ උසාවියක නඩුවක් විභාගවන අතර රහස්පොලිස් පරීක්ෂණද පැවැත්වේ.