සිසු පාගමන මාවනැල්ලට...
නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් තේමාව කොටගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන නුවර කොළඹ පාගමන ඊයේ (24) උදෑසන පේරාදෙණිය සරසවියෙන් ආරම්භකර සවස මාවනැල්ල නගරයට ලඟාවන ලදී.
මෙම පාගමන සඳහා වෘත්තීය සමිති නියෝජිතයින්, ආචාර්යවරුන් සහභාගී වූ අතර මගදෙපස සිටි පිරිස් ද නන් අයුරින් උපකාර කරන ලදී. අනතුරැව මාවනැල්ල නගරයේ රුලියක් ද, ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ලෙස වීදි නාට්‍යයක්ද රඟදක්වන ලදී. මෙම පාගමන අද (25) උදෑසන මාවනැල්ල නගරයෙන් පිටත්ව සවස අඹේපුස්ස නගරයට ලඟාවීමට නියමිතය.