ආචාර්ය පාගමන ඇරඹේ...
විශ්වවිද්‍යාල ආචාර්වරුන් ආරම්භ කළ පාගමන ඊයේ (24) පෙරවරු ගාල්ල නගරයෙන් ආරම්භ කර සවස අම්බලන්ගොඩ නගරයට ලඟාවනලදී. නැවතත් එය අද උදෑසන අම්බලන්ගොඩ නගරයෙන් පිටත්වීමට නියමිතය.
මෙම පාගමන සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීය සමිති නියෝජිතයන් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින්ද සහභාගි වී ඇත.