පොලිස් පරීක්ෂණ පවත්වා සිසුවෙකු පාසලෙන් ඉවත් කිරීමට උත්සාහයක්...
පසුගිය 03 වන දින බන්දුල ගුණවර්ධණ අමාත්‍යවරයා දැරණියගල සිරිසමන් මධ්‍යමහාවිද්‍යාලයට උත්සවයක් සඳහා පැමිණ යමින් සිටි අවස්ථාවේදී සිසුන් ඔහුට විරෝධය පා ඇති අතර, එම සිදුවීමට එරෙහිව ප‍්‍රශාන් යන ශිෂ්‍යාට එරෙහිව ඇමතිවරයාට අපහාස කළේ යැයි චෝදනා කරමින් පොලිසියට පැමිණිලි කර ඇත. මේ අතර ඔහු පාසලෙන් ඉවත් කිරීමේ උත්සහායක් ද පවතී.
මෙසේ මෙම ශිෂ්‍යාට එරෙහිව බන්දුල ගුණවර්ධණ ඇමතිවරයාට අපහාස කළේ යැයි චෝදනා කිරීමට හේතු වී ඇත්තේ ”ප‍්‍රතිඵල වරද්දලා අධ්‍යාපනය කෑව තව ලැජ්ජ නැතිව ඉස්කෝලෙත් විනාශ කරන්න එනවා” යන අදහසක් දෙන පොදු සිසුන්ගේ මුවින් පිටවූ ප‍්‍රකාශයන් පදනම් කරගනිමිනි.
මෙහිදී නියෝජ්‍ය විදුහල්පති තුමාගේ අදහස වන්නේ මෙමගින් අමාත්‍යවරයා කෝප වී සපිරිපාසල් ව්‍යාපෘතිය හරහා පාසලට ලබා දීමට නියමිත රුපියල් කෝටි 6ක මුදල පාසලට අහිමි කරනු ඇති බවත් එම නිසා මෙම සිසුවා පාසලෙන් ඉවත් කළ යුතු බවත්ය.
මෙහිදී අපට මතු වන ගැටලූව වන්නේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයාට විරෝධය පලකළ පමනින් පාසලට ලබා දෙන මුදල් කප්පාදු කිරීමට ඔහු විසින් කටයුතු කරන්නේ ඔහු මෙම මුදල් ලබාදෙන්නේ සිය පෞද්ගලික බූදලයකින්ද යන්නය.
එසේම බන්දුල අමතිවරයා හෝ විදුහල්පතිවරයා පවසන ආකාරයේ කිසිදු අපහාසයක් සිදුව නොමැතිබව අපගේ අදහසයි. මන්ද යත් පාසල් අධ්‍යාපන ක්ෂේත‍්‍රයතුළ නිර්මාණය කොට ඇති ගැටලූ දෙස බැලීමේදී, හා විශේෂයෙන් උසස්පෙළ ප‍්‍රතිපල වරද්දා සිසුන් මහ මගට ඇද දමාඇති තත්වයක් තුල මෙහුව දකින ඔනෑම පුද්ගලයකුල මීටත් වඩා බරපතල දේ ප‍්‍රකාෂ කිරීම පුදුමයට කරුනක් නොවේ. නමුත් ගැටලූව වන්නේ තවදුරටත් තම නොහැකියාව හා තමන්ට එරෙහිව සමාජය තුල තිබෙන විරෝධය බන්දුල ඇමතිවරයා හෝ වත්මන් ආණ්ඩුව තේරුම්ගැනීමට අසමත් වීම හා එවැනි විරෝධයන් මර්ධනයට ගනුලබන නින්දාසහගත උත්සාහයන්ය.
විභාග ප‍්‍රත්ඵල වරද්දා සිසුන් සියදහස්ගනනකගේ අනාගතය අ`දුරුකොට ඔවුන් මහමගට ඇද දැමූ අමතිවරයා හෝ ඉවත්කිරීමට කිසිවකුත් නැතත්, එවැනි විනාශකාරී ක‍්‍රියාවන්ට විරෝධය පෑ ශිෂ්‍යයකු පාසලින් ඉවත්කිරීමට බලධාරීන් ඒ මොහොතේම ක‍්‍රියාත්මක වී ඇති අයුරු කොතරම් ඛේදවාඡුකයක්ද? මෙම ශිෂ්‍යයා පාසලේන් ඉවත්කිරීමට දරන උත්සායට එරෙහිව එම පාසලේ සිසුන්ගේ සහ දෙමාපියන්ගේ පමනක් නොව රටේ සියලූම සිසුන්ද දෙමාපියන්ද එකාවන්ව එක්ව විරෝධය පලකල යුතුය. මන්ද යත් මෙම නරුම ආණ්ඩුවේ ගොදුර මොහු වුවද හෙට ඔබ හෝ ඔබේ දරුවා වීම කිසිවකුටත් වැලැක්විය නොහැක. විශේෂයෙන් මෙහිදී අවධාරණය කළයුතු කරුන්ක් වන්නේ බන්ධුල ඇමතවරයා පැමින ඇත්තේ මැතිවරන ප‍්‍රචාරක කටයුතුව සඳහාද වීමයි.
ඒ සඳහා සාක්ෂි ලෙස දුශ්මන්ත මිත‍්‍රපාල යන පළාත්සභා අපේක්ෂකයාගේ නම සහ මනාප අංකය සහිත පෑන් සිසුන්ට බෙදාහැර තිබීම සඳහන්කල හැකිය.
අප රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ලෙස බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ මෙම නින්දාසහගත හැසිරීම ඇඩි පිලිකුලෙන් යුතුව හෙලාදකින අතර අධ්‍යාපනය වනසන ආණ්ඩුවට එරෙහිව සිය විරෝධය පළකළ සිසුන් පාසලෙන් පන්නාදැමීමට විදුහල්පතිවරයා ඇතුලූ පරිපාලනය දරන උත්සාහයටද විරෝධය පලකර සිටිමු.