පී.බී.ගේ සාකච්ඡාවත් එකඟතාවයකින් තොරව අවසන්වේ...
මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී. ජයසුන්දර මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර පැවැති සාකච්ඡාවද එකඟතාවයකින් තොරව අවසන්වී ඇති බව වාර්තාවේ.
එහිදී ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අවධානය යොමුකර තිබේ. කෙසේ වෙතත් එම සාකච්ඡාවේදී ආචාර්යවරුන්ගේ ඉල්ලීම්වලට කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැත. ඒ අනුව කිසිදු එකඟතාවයකින් තොරව සාකච්ඡාව අවසන්වී තිබේ.