සරසවි නැවත විවෘත්තකෙරේ...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය හේතුවෙන් වසා දමන ලද දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල අද (06) දිනයේදී යළි විවෘත කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. අගෝස්තු 21 වැනි දා සිට දින 15 ක් උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ විශේෂ ගැසට් නිවේදනයකට අනුව හදිසියේම සරසවි වසාදමා තිබුනි.

උසස් අධ්‍යාපනයට නිෂ්පාදිතයෙන් වෙන්කරන ප්‍රමාණය වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආචාර්යවරුන් ආරම්භ කළ වර්ජනයට මේවන විට මාස දෙකකට අධික කාලයක් ගතව ඇති අතර මේවන තෙක් ඊට කිසිදු විසදුමක් ලැබී නොමැත.ඒ අනුව අද(06)දිනයේ විශ්වවිද්‍යාල විවෘත කළද තම වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කරයි.