විදුහල්පතිවරුන්ට කර්නල් පුහුණුවක්...
විදුහලපතිවරුන්ට කර්නල් තනතුරක් පිරිනමා පාසල් තුල මිලිටරි පාලනයක් ඇති කිරීමට එරෙහිව රටේ සම පාර්ශවයකින්ම විරෝධතා මතුවී තිබියදීත් සැත්තැම්බර් මස 9 වන දින සිට විදුහලපතිවරුන්ට කර්නල් නිලය ලබාදීම සඳහා පුහුණුව ලබාදීම අරන්භ කර තිබෙන බවත්, එම ක්‍රියාව දැඩි ලෙස හෙළාදකින බවත්, එයට එරෙහිව ගත හැකි වෘත්තීය ක්රිමාර්ග ඉදිරියේදී ගන්නා බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ නිදහස් අධ්‍යාපනයක් නිසා පාසල් තුලදී දරුවන් නිදහසේ අධ්‍යාපනය හදාරන බවද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය. එහෙත් අධ්‍යාපනය විනාශ කර දමන වර්තමාන ආණ්ඩුව පාසැල් තුළ ආණ්ඩු කීකරු දරුවෙකු නිර්මාණය කරගැනීම සඳහා පාසලේ මිලිටරි පාලනයක් ඇති කිරීමට සැලසුම්කරගෙන යන බවත් එම සැලසුමට අනුව විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව ලබාදී කර්නල් නිලයක් ලබාදීමට සැලසුම්කර තිබෙන බවත්, එහි මුලික අදියර යටතේ විදුහල්පතිවරුන් 40 දෙනෙකුට රන්ටැඹේ හමුදා පුහුණු පාසැල තුළ පුහුණුවීම් කටයුතු ඊයේ (10)සිට ආරම්භකර තිබෙන බවද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.
ආණ්ඩුව හිතුවක්කාරී ලෙස ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන පරාජය කිරීම සඳහා ගුරුවරුන් ඒකරාශී වී ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත්, මේ නිසා වහාම මෙය අවලංගු කර රටට පාසලට වැඩක් සිදුවන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලෙසත් ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් ඉල්ලා සිටි.