ස්වයං බේරුම්කාර සභාවකට එකඟ නෑ - අරගලය ඉදිරියටම (FUTA)
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විශේෂ විධායක කමිටු රැස්වීමක් අද පස්වරුවේ පවත්වන ලදී. එහිදී කම්කරු කොමසාරිස්වරිය විසින් යෝජනාකරන ලද ස්වේච්ඡා බේරුම්කරණයකට යාම ඔවුන් ඒකමතිකව ප්‍රතික්ෂේප කර තිබේ.
මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ (11) ඔවුන් මාධ්‍ය හමුවක් නාවල විවෘත විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේ කැඳවා තිබූ අතර, විශ්වවිද්‍යාලයේ පාලානාධිකාරිය ඔවුන්ට ඒ සඳහා අවසර ලබා දී නොතිබින. අනතුරුව ඔවුන් විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිට මහා මාර්ගය ආසන්නයේ මාධ්‍ය හමුව පවත්වන ලදී.
එහිදී අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කළේ, තමන් තවමත් රජය සමග මේ පිළිබඳව සාකච්ඡා කරන බැවින් ස්වේච්චා හෝ අනිවාර්යය බේරුම්කරණ ක්‍රියාවලියකට තමන් කිසිසේත් එකඟ නොවන අතර මෙම ක්‍රියාවලියට අනුව සේවයට වාර්තා නොකර සිටීම සේවය අතහැර ගියා සේ සලකන බවත් හැකිනම් 4000කට ආසන්න විශ්වවිද්‍යාල ආචර්යවරුන් සේවයෙන් පහකර දමා ගැටලුව විසඳාගන්නා ලෙස විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය රජයට අභියෝග කර සිටීන බවත්ය.