අධ්‍යාපන සංහාරයට එරෙහිව බැනරය අත්සන් කිරීම හා පත‍්‍රිකා බෙදාහැරීම අද බදුල්ලේ දී...

දිගින් දිගටම සිදුකරන අධ්‍යාපන සංහාරයට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට හා හයට එරෙහිව ජනතාවගේ දායකත්වය ලබාගැනීම අරමුණු කර ගනිමින් අඩි 100 ක් දිග බැනරයකට අත්සන් තැබීම හා පති‍්‍රකා බෙදාහැරීමේ ව්‍යාපාරය අද (11) දවස පුරා බදුල්ල නගරයේදී මේවනවිට සාර්ථකව පැවැත්වේ.
මේ සඳහා අතිවිශාල ජනසහභාගීත්වයක් බැබේමින් පවතී. මෙහිදී ජනතාව දැනුවත් කිරීමේ විදිනාට්‍යයක් ඇතුලුව අඪබෙර කන්ඩායම් යොදාගනිමින් වඩා ආකර්ෂණීයව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කරනලද මෙම මහජන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය 06 වැනිදා මහනුවර නගරයේදී ආරම්බකරන ලද අතර, හෙට (12) බණ්ඩාරවෙල නගරයේදී සහ ලබන 16 වැනිදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොටතිබේ.