FUTA හමුවට බාධා කෙරේ...

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ආචාර්යවරුන්ගේ හදිසි සාකච්ඡාවක් සඳහා විවෘත්ත විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතාගේ පීඨයේ ගොඩනැගිල්ලක් කලින් වෙන්කරගෙන තිබූ නමුත් මේ වනවිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට එයට ඇතුල්වීම තහනම් කර තිබේ.
විවෘත්ත විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් මෙම තහනම නිකුත් කර ඇත. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගෙන යන අරගලයේ මේ වනවිට පවතින තත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම ස්ථානය වෙන් කරගෙන ඇති බවත් වාර්තාවේ.
කෙසේ වෙතත් මෙලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ රැස්වීම් කඩාකප්පල් කිරීමට ගත් මුග්ධ පිළිවෙත රුහුණ විශ්වවිද්‍යාලයිය මහා ශිෂ්‍ය සංගමය ලෙස අප තරයේ හෙලා දකිමු.