ආචාර්යවරුන් ගැන එස්.බී.ගෙන් තද තීරණයක්...
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අඛණ්ඩව කරගෙන යනු ලබන වර්ජනය විපක්ෂ දේශපාලන පක්ෂවල උසිගැන්වීම්වලට අනුව සිදුවන්නක් බවත් එය නවතා දැමීමට කටයුතු නොකළහොත් තමන් දැඩි තීරණයක් ගන්නා බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක පවසා තිබේ. අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ, මහනුවර - උඩුනුවර ප‍්‍රදේශයේ පසුගිය 09 දින පැවැති උත්සවයකට සහභාගීවෙමිනි.
රාජ්‍ය අධ්‍යාපනයේ දැවැන්ත අර්බුධයක් පැන නැගී ඇති මොහොතක, එය ස්වාභාවික මරණයකට ලක්වීමට ඉඩහැර ආණ්ඩුව අධ්‍යාපන පෞද්ගලීකරන ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින් සිටී. මෙම අධ්‍යාපන සංහාරයට එරෙහිව විවිද පාර්ෂවයන් මේවන විට සටන්බිමට අවතීර්නව ඇත. නමුත් ආණ්ඩුව මෙම ඉල්ලීමිවලට ඇහුන්කම් දෙනවා වෙනුවට ඒවාට එරෙහිව මඩ අවලාද නගමින් සිටී.
මෙම අරගල, විදෙස් කුමන්ත්‍රණ හා ආණ්ඩුවිරෝධී කුමන්ත්‍රණ ලෙස හංවඩු ගසමින්, රටබේරාගක් ආණ්ඩුවට එරෙහිවන්නන් ලෙස සමාජගතකිරීමට උත්සාහ දරමින් සිටී. අධ්‍යාපනයේ සම අයිතිය නැතිකරීම වැනි ජනතා විරෝධී ක්‍රියාවන් හේතුවෙන් නැගෙන ජනබලය ඔවුන්ට එරෙහි විකල්ප, විපක්ෂ පලවේගයක් වීම වැලැක්විය නොහැකි බව සැවොම තේරුම්ගත යුතුය.
තම අයිතීන් සහ රටේ අනාගතය වෙනුවෙන් අඬනගන බලවේගවලට ඇහුන්කම්දීම හෝ පිලිතුරුදීම වෙනුවට, තර්ජනය කිරීම්, බියවැදීදීම හා ඒවා කඩාකප්පල්කිරීමට වෙරදරන ආණ්ඩුවේ නින්දිත උත්සාහය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අප ඉතා පිලිකුලෙන් යුතුව හෙලාදකිමු.