පේරාදෙණිය වෛද්‍ය පීඨය සඳුදා සිට අඛණ්ඩ වරජනයට එක්වේ...
ආචාර්යවරුන්ගේ වැඩවර්ජනයට සහාය පළ කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ආචාර්යවරුද ලබන සඳුදා (24) සිට දීප වියාප්ත ආචාර්ය අරගලයට එකතුවනබව දන්වා තිබේ.
ආචාර්යවරුන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්‌වීම සඳහා ආණ්‌ඩුව ගෙනයන නිද්‍රාශීලී ප්‍රතිපත්තියට සහ උසස් අධ්‍යාපන ඇමැති ඇතුලු රජය පාර්ෂවයේ වගකිවයුත්තන්ගෙන් ආචාර්යවරුන් විවේචනය කරමින් කරන ප්‍රකාශවලට එරෙහිව මෙම අඛණ්‌ඩ වැඩවර්ජනය ආරම්භ කරන බව එම පීඨයේ ආචාර්ය සංගමය පවසයි. වර්ජනයේ යෙදී සිටින ආචාර්යවරුන්ට වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් ද ඔවුන්ගේ විරෝධය පළ වී ඇත. සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් ලබන සඳුදා මහනුවරින් හා ගාල්ලෙන් ආචාර්ය සමිති සම්මේලනය ආරම්භ කරන පාගමන්වලටද පේරාදෙණිය වෛද්‍ය පීඨ ආචාර්යවරු සහභාගි වීමටද නියමතය.
මේ දක්වා ආචාර්ය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා නිසියාකාරව එක්ව සිටියේ රුහුණ වෛද්‍ය පීඨය පමණි. අනෙකුත් වෛද්‍ය පීඨයන් එක්දින සංකේත වර්ජනවල නිරතවෙමින් විටින්විට සහයපලකර තිබින. නමුත් ඉදිරියේදී අනකුත් සියලුම වෛද්‍ය පීඨයන්ද මෙම වැඩවර්ජනයට එක්වීමට නියමිත බව නිල නොවන ආරංචිමාර්ග සඳහන්කරයි.