සංජීව සහෝදරයා සිරගතකිරීමට එරෙහිව දිවයින පුරා විරෝධතා...
අභූත චෝදනා මත අත්අඩංගුවට ගත් සංජීව බණ්ඩාර සහෝදරයා නිදහස් කරන ලෙස බලකරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද දින (20) දිවයින පුරා විශ්වවිද්‍යාල ආශ්‍රිතව විරෝධතා ව්‍යාපාර සංවිධානය කරනලදී.
නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීම වෙනුවෙන් පෙළගැසෙමු යන තේමාව යටතේ පසුගිය දින කිහිපය පුරා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් රට පුරා විරෝධතා ව්‍යාපාර සහ සත්‍යග්‍රහයන් අරඹන ලද අතර, මේ මොහොතේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ මතුව ඇති ගැටලූ විසඳන ලෙස ආණ්ඩුවට බලකරමින් ඉදිරියේදී දැවැන්ත පාගමනක් පැවැත්වීමටද කටයුතු සුදානම් කර තිබිණි. මේ සියල්ල හමුවේ ආණ්ඩුව කෙසේ හෝ උත්සාහ කරනු ලැබුවේ සිසු සටන් නතරකිරීමටයි. ඒ සදහා ඔවුන් විවිධ කි‍්‍රයාමාර්ග ගන්නා ලදී විශේෂයෙන් පසුගිය දිනවල කිරිබත්ගොඩ, නුවර, කොළඹ ආදී දිස්ති‍්‍රක්වල පැවති සත්‍යග‍්‍රහ කඩාකප්පල් කිරීම සඳහා විවිධ කි‍්‍රයාමාර්ග ගන්නා ලදී. විටෙක අධිකරණ නියෝග රැඟෙන එමින්ද, තවත් විටෙක නිල හා නිල නොවන මැර කණ්ඩායම් එවමින්ද ආණ්ඩුව මෙම විරෝධතා ව්‍යාපාර නැවැත්වීම සඳහා උත්සාහ ගත්තද එය ව්‍යවර්ත විය එහිම දිගුවක් ලෙස ඊයේ දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා අත්අඩංගුවට ගන්නා ලදී. ඒයද අසත්‍ය චෝදනා එල්ල කරමිනි. එසේ අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වා අද දින රට පුරා විරෝධතා ව්‍යාපාර පවත්වන ලදී එහි ප‍්‍රධාන විරෝධතා ව්‍යාපාරය අද (20) කොටුව දුම්රියපළ ඉදිරිපිට පවත්වන ලදී.
මීට අමතරව රුහුණ සරසවිය සිසුන් විසින් ගාල්ල නගරයේදී උද්ඝෝෂණයක් හා අඛණ්ඩ සත්‍යග‍්‍රහ ව්‍යාපාරයක් ද, සබරගමුව සරසවියේ සිසුන් පඹහින්න හන්දියෙහි ද, රජරට සරසවියේ සිසුන් මිහින්තලය හන්දියෙහි ද, පේරාදෙණිය සරසවියේ සිසුන් ගලහ හන්දියෙහිද මෙම උද්ඝෝෂණ පවත්වන ලදී.
ගාල්ල බස්නැවතුම්පළ ඉදිරිපිට (රුහුණ)
මිහින්තලේ හන්දිය (රජරට සරසවිය)