ජානකගේ හා සිසිත්ගේ රිය අනතුර සැලසුම් සහගත එකක්...
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ඉදිරිපෙළ කි‍්‍රයාකාරීන් දෙදෙනෙකු වු ජානක ඒකනායක හා සිසිත් පි‍්‍රයංකර යන සහෝදරවරුන්ගේ හදිසි අභාවය පිළිබඳ මීට ඉහතදී අප ඔබ දැනුවත් කළෙමු.
ඒ අනතුර පිළිබඳ පැහැදිලි සැකයක් අපට මතු වී ඇත. ඒ සඳහා බලපාන තොරතුරු පහත සඳහන්ව ඇත.
* මෙම අනතුර ඇසින් දුටු සාක්‍ෂිකරුවෙකු පැවසුවේ, මෝටර් රථයක් සමග පැමිණි මෙම මෝටර් බයිසිකලය බවත් අදාළ ස්ථානයේදී ඉහත මෝටර් රථය පැදවූ පුද්ගලයා විසින් මෝටර් බයිසිකලය දෙසට මෝටර් රථය හැරවීම නිසා ඔවුන් පාරෙන් විසිවී ගොස් විදුලි සම්පේ‍්‍රෂණ කණුවක හැපුණු බවයි. එම රථය කිසිදු සොයා බැලීමකින් තොරව එම ස්ථානයෙන් පලාගොස් ඇත.
* එදිනම රාති‍්‍රයේ අ.වි.ශි.බ.ම වැඩබලන කැඳවුම්කරු ලෙස කි‍්‍රයා කළ චින්තක රාජපක්‍ෂ සහෝදරයා එම මෝටර් සයිකලයෙන් යක්කල නගරයට පැමිණ නැවත සරසවි සිසුන් නවාතැන් ගෙන සිටි ස්ථානය වෙතට යන විට මෙවැනිම ආකාරයේ හඹා ඒමකට (මොටර් සයිකල් වලින්* ඔහුට මුහුණදීමට සිදුවිය. පසුව ඔහු එය මගහැර සරසවි සිසුන් නවාතැන් ගෙන සිටි ස්ථානයට ගියේය. එලෙස තමා පැමිණි මෝටර් සයිකලය ජානක හා සිසිත් සහෝදරවරුන්ට ලබාදුන් ඔහු, ජානක ඒකනායකට තමා මුහුණ දුන් අත්දැකීම පවසා ප‍්‍රවේශමෙන් යන ලෙස පවසා ඇත.
* පසුගිය දින දෙක තුළම රාති‍්‍රයේ නතර වුණු ස්ථාන වලදී සිසුන් පසුපස මෙලෙස මෝටර් සයිකල් හා පුද්ගලයින් හඹා ආ අවස්ථා කිහිපයක්ම සිදුවිය.
* මෙම අනතුර සිදුවූ ස්ථානයට උදෑසනම බුද්ධි අංශ නිලධාරීන් විශාල ප‍්‍රමාණයක් හා පොලීසියේ උසස් නිලධාරීන් පවා පැමිණ තිබුණි. ඔවුන් මෙලෙස හදිසි අනතුරකට මැදිහත් වන්නේ ඇයිද යන්නද ගැටලූ සහගතය.
* සරසවි පද්ධතිය තුළ ආණ්ඩුවට නැගී එන විරෝධය මර්දනය කර, තලා පොඩිකර සිසුන් බියවද්දා සරසවි විවෘත කර ගැනීමේ දේශපාලන අවශ්‍යතාවයක් පාලකයන්ට ඇත. විටෙක ඔවුන් අ.වි.ශි.බ.ම. කැඳවුම්කරු සහෝදරයා අත්අඩංගුවට ගැනීම හරහා ඒ සඳහා වන නිල ප‍්‍රවේශය ගත් අතර, ඒ තුළත් ශිෂ්‍ය විරෝධය තවත් උත්සන්න විය. ඔවුන් එම කි‍්‍රයාමාර්ගය ඉක්මනින් ආපසු හරවා තව කි‍්‍රයාමාර්ගයකට ප‍්‍රවේශවීමට සිතීම තර්කානුකූලය.
මේ සියලූ කරුණු වලින් ඉහත අනතුරු පිළිබඳ සැකයක් පවතින අතර එය සැලසුම් සහගත අනතුරක් බව අප කියා සිටිමු. ‘‘සුදුවෑන්’’, ‘‘වෙඩි තැබීම්’’ වෙනුවට පාලකයන් අලූතින්ම සොයාගත් මර්දන උපක‍්‍රමය මෙය විය හැක. ඒ නිසා මෙය පළමු මෙහොතේම හෙළිදරව් කළ යුතු බව අප තදින් විශ්වාස කරමු. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙතරම් නරුම අදියරකට ඇද දමනවා නම් එය මහා ව්‍යසනයක පෙර නිමිත්තක් බව අප අවධාරණය කරමු. මෙම අයුක්තිය අද සිදුව ඇත්තේ සිසුන් දෙදෙනෙකුටය. එහෙත් හෙට මුළු සමාජය සිසාරම මෙම මර්දනය හිස ඔසවනු ඇත. සෑම මවකගෙන්ම, පියකුගෙන්ම අප ඉල්ලා සිටින්නේ ජානක, සිසිත් යන සහෝදරවරු දෙදෙනා නියෝජනය කළේ ඔබගේ දුවගේ හා පුතාගේ අධ්‍යාපන අයිතිය රැුකදීමේ මාවතය. එම අරගලයයි. ඒ වෙනුවෙන් මෙම අයුක්තියට එරෙහිව වීදි බසින ලෙසත් නිදහස් අධ්‍යාපන අයිතිය දිනාගැනීමට පෙරට එන ලෙසත් පාලකයන්ගේ මර්දනයට එරෙහිව සටන් කරන ලෙසත් අප ඉල්ලා සිටිමු.
ජානක, සිසිත් සොයුරණි, ඔබ අප අතර සදා අමරණීය වේ.
ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ ආචාරය අප ඔබට පුදකරමු !