සිසු පාගමන අද ලිප්ටන් වට රවුමෙන් අවසන්, සිසුන් සහය සඳහා ආචාර්ය රැලියට එක්වේ...
නිදහස් අධ්‍යාපනයත්අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීමට පෙළගැසෙමු යන තේමාව යටතේ ආචාර්ය අරගලයට සහය පලකිරීම සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරනුලබන දැවැන්ත පාගමන අද (28) දින කොළඹ නගරයට පැමිනීමට නියමිතය.
අද උදෑසන එය කඩවත නගරයෙන් ගමන් ආරම්භ කරන ලදී. මෙය පසුගිය 24 දින පේරාදෙණිය සරසවියෙන් ආරම්භකරන ලද අතර, දින පහක් පුරා ඉතා ඉහල ජනතා ප්‍රතිචාර මැද ගම් - නගර පසුකරමින් පැමිනි පාගමනෙහි අවසන් දිනය සනිටුහන් කිරීමට නියමිතය.
මෙම පාගමන අද සවස 2 වනවිට ලිප්ටන් වට රවුමට පැමින එහි රැලියක් පවත්වා පසුව ආචාර්ය රැලියට සම්බන්ධ වීමට නියමිතය. අද උදෑසන කඩවතින් පිටත්වූ පාගමනෙහි විවිධ අවස්ථා කිහිපයක් පහත දැක්වේ.