දින පහක දැවැන්ත සිසු පාගමන ලිප්ටන් වටරවුමෙන් අද නිමයි...
අනිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීමට පෙළගැසෙමු යන තේමාව යටතේ ආචාර්ය පාගමනට සමගාමීව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරනලද දින 5 ක විරෝධතා පාගමන අද ලිප්ටන් වටරවුමෙන් අවසන්කරන ලදී.
මෙය පසුගිය 24 දින පේරාදෙණිය සරසවියෙන් ආරම්භකල අතර මාවනැල්ල, අඹේපුස්ස, නිට්ටඹුව, කැළණිය යන නගර හරහා කොළඹ නගරය කරා පැමිනෙන ලදී. අද දහවල් 2 ට ලිප්ටන් වට රවුමෙහි රැලියක් පවත්වා පසුව සිසුන් සියලුදෙනාම ආචාර් රැලිය පැවැත්වෙන කොළඹ හයිඩ් පාක් පිටිය බලා පිටත්වන ලදී.