ඇදුරු වැටුප් වැඩිකළ කතාව ජනතාව නොමඟ යැවීමක් - FUTA...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ඔක්තෝබර් 01වැනි දින සිට ලබාදීමට නියමිත යැයි ආණ්ඩුව ප‍්‍රකාශ කරන වැටුප් වැඩිකිරීම පසුගිය ජනවාරි මාසයේ සිට ලබාදෙන බවට වූ පොරොන්දුවක් බවත් දැනට නිරත වෙමින් සිටින වෘත්තීය අරගලයට එහි අදාළත්වයක් නොමැති බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ප‍්‍රකාශ කරයි.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ප‍්‍රකාශ කරන්නෙ ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගලය සම්බන්ධයෙන් ජනතාව තුළ වැරැදි මනෝභාවයක් ඇති කිරීමට දැන් ආණ්ඩුව උත්සාහ දරන බවයි.

වැටුප් වැඩිකිරීමට අදාළ එකඟතාවක් ක‍්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීමක් බවත් මෙවර අරගලයට අදාළ ඉල්ලීම් ලබා දෙනතුරු අරගලය අත්නොහරින බවත් ඔහු අවධාරණය කරයි. මෙම නමුත් වැඩිකිරීමට අදාළ තීරණය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්නගෙන් කළ විමසීමේදී ඔහු ප‍්‍රකාශ කළේ වැටුප් වැඩිකිරීම් ආචාර්යවරුන්ට අවශ්‍ය පරිදි ඉහළ දැමිය නොහැකි බවත් මෙවර වැටුප් වැඩි කරන්නේ සිව්වන වතාවට බවත්ය. මෙම වැටුප් වැඩිකිරීමට අදාළව දළ වැටුප රුපියල් 2917 සිට 21000 දක්වා වැඩිකිරීමට නියමිතය.