සරසවි ආචාර්යවරුන්ට වර්ජනය අත්හැර සේවයට වාර්තා කිරීමට සිදුවේ...
සරසවි ආචාර්යවරුන් නිදහස් අධ්‍යාපනය රැක ගනීමට අදාළ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පසුගිය ජුලි 4 වන දින සිට ආරම්බ කරන ලද අඛණ්ඩ වැඩ වර්ජනය අවසන් කිරීම සඳහා කම්කරු කොමසාරිස්වරිය බේරුම්කරණ කමිටුවක් පත් කිරීමට තිරණය කෙරිණි.
එම කමිටුව පත් කිරීමත් සමඟ වර්ජනය නවතා සේවයට වාර්තා කිරීමට සිදු වන බව ආචාර්ය සමිති සම්මේලනය පවසයි. එනම් ඊයේ (10) කම්කරු කොමසාරිස් කාර්යාලයේදී පවතී සකචවේදී කම්කරු කොමසාරිස් මෙම තීරණය ගත් බව පැවසේ.
ඒ අනුව එකී කමිටුව සඳහා ආචාර්ය සමිති සම්මේලනය වෙනුවෙන් නියෝජිතකකු පත්කරන ලෙස දැන්ව ඇති අතර එසේ නොකලොහොත් තම අභිමතය පරිදි නියෝජිතයකු පත් කිරීමට කටයුතු කිරීමට සිදුවන බව පවසා ඇත. මිට අමතරව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් නියෝජිතයින් දෙදෙනෙකු මෙම කමිටුවට අදාලව පත් කෙරේ.
අද (11) අචාර්ය සමිති සම්මේලනයේ විධායක කමිටුව රැස් වෙන අතර එහිදී මේ පිලිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිත බව පැවසේ. යම් හෙයකින් ආචාරයවරුන්ට සේවයට වාර්තා කිරීමට සිදු වුවද උ/පෙ පිළිතුරු පත්‍ර පරීක්ෂාවෙන් ඉවත් වී සිටීම, අධ්‍යන අංශ ප්‍රධානී, පීඨධිපති වැනි ස්වෙච්චා තනතුරු වලින් ඉල්ලා අස්වීම, පීඨ මණ්ඩල වලින් ඉවත්වීම වැනි විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට අවශ්‍ය අනිවාර්ය සේවා වලින් ඉවත් වීමට හැකියාවක් පවතී.