සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල අභියෝගතා පරීක්ෂණ පැවැත්වීම නතර කිරීමට ගෙන ඇති තීරණයට එරෙහි පෙත්සම විභාගයට ගැනේ...

ප්‍රාසාංගික හා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු සියයට 40 දක්වා අඩුකිරීම සහ අභියෝගතා පරීක්ෂණය පැවැත්වීම නතර කිරීමට ගෙන ඇති තීරණය අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (10) නියෝග කර තිබේ.
විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන් සිව් දෙනෙකු විසින් ගොනු කර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ඊට අදාළ නිලධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළේය. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි. 

නඩු විභාගය අවසන් වන තෙක් එම විශ්වවිද්‍යාලයට සිසුන් බඳවා ගැනීම අත්හිටුවන ලෙස එහිදි විනිසුරු මඩුල්ල නියෝග කළේය. එමෙන්ම සිසුන් බඳවා ගැනීමේ දී අනුගමනය කළ යුතු අත්පොත ක්‍රියාත්මක කරවීම නතර කරන ලෙසට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ අතර මීළඟ නඩු විභාගය දෙසැම්බර් 06 වැනිදා යළි කැඳවීමට නියමිතය.