ප්‍රවාහන කටයුතු සඳහා මුල් මාස 6 ට මිලියන 9 ක් වියදම් කරලා...
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ප්‍රවාහන කටයුතු සඳහා මෙම වසරේ වෙන් කර ඇති රුපියල් මිලියන 11 ක මුළු මුදලින් මුල් මාස 6 ඇතුළත රුපියල් මිලියන 9 කට අධික මුදලක් වියදම් කර ඇත.
මෙසේ වියදම් කර ඇති රුපියල් මිලියන 9 කට අධික මුදලින් රුපියල් මිලියන 6 කට අධික ප්‍රමාණයක් වැය කර ඇත්තේ නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ කටයුතු සඳහා බව එම අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් මෙතරම් මුදලක් වියදම් කරද්දී දිවයින පුරා පිහිටා ඇති අනිකුත් වෘත්තීය පුහුණු කාර්යාල සඳහා වියදම් කර ඇත්තේ රුපියල් මිලියන 3 කට ආසන්න මුදලක් බවත් ඒ අනුව ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් මෙතරම් මුදලක් වැය වූයේ ඇයි ද යන්න ගැටලුවක් බවත් එම් ආරංචි මාර්ග කියා සිටියේය.
ඒ අනුව වසරේ ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පවා ප්‍රවාහන කටයුතු ලබාදීම සීමා කිරීමට සිදුවී ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.