2012 උ/පෙළ සියලු උත්තර පත්‍ර විභාග දෙපාර්තමේන්තුවට...

උසස්‌ පෙළ විභාගයේ සියලුම උත්තරපත්‍ර විභාග දෙපාර්තමේන්තුවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා පවසයි.
උත්තරපත්‍ර ඇගයීම් ආරම්භ කිරීම සඳහා නිශ්චිත දිනයක්‌ නොමැති හෙයින් උත්තරපත්‍ර සුරක්‍ෂිත කිරීමට මෙම පියවර ගන්නා බව ඒ මහතා සඳහන් කළේය.
පසුගිය 30 වැනිදා අවසන් වූ මෙම විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් පසුගිය 3 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබුණද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය නිසා ඇගයීම් ආරම්භ කිරීමට හැකියාවක් නොමැති බවයි.
ඒ අනුව සියලු උත්තරපත්‍ර වෙනදා මෙන් ඇගයීම් කිඊමේ මධ්‍යස්ථාන වලට යොමු කිරීමකින් තොරව විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරේ.
සිසුන් දෙලක්‍ෂ හැත්තෑහත් දහස්‌ හයසිය හැත්තෑ එක්‌ දෙනෙක්‌ විභාගයට පෙනී සිටි අතර විෂයයන් 124 කට අදාළ ප්‍රශ්නපත්‍ර ලක්‍ෂ 54 කට අදාළ උත්තරපත්‍ර මේ අතර වේ.