අවිශිබම ඉදිරිපෙළ කි‍්‍රයාකාරීන් දෙදෙනෙකුගේ හදිසි අභාවය පිළිබඳව...

අවිශිබම මුල් පෙළ කි‍්‍රයාධරයකු වූ කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කි‍්‍රයාකාරී සාමාජික සමාජ විද්‍යා පීඨයේ දේශපාලන විද්‍යා අධ්‍යන අන්ශයේ අවසන් වසර ඉගෙනුම ලැබූ ජානක බණ්ඩාර ඒකනායක (ජායාරූපෙයේ වම්පස)
සහ රුහුණ විශ්වවිද්‍යාලයේ ඉදිරිපෙළ කි‍්‍රයාකාරිකයකු වූ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ පළමු වසර ඉගෙනුම ලැබූ එච්.පි. සිසිත ප‍්‍රියංකර ද සිල්වා (ජායාරූපයේ දකුණු පස) යන සහෝදරවරු දෙදෙනා අද (27) අළුයම් කාලයේදී ගම්පහ ඉඹුල්ගොඩ ප‍්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්විය.