සිසු පාගමනේ සිව්වන දිනය අද...
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන දින පහක දැවන්ත පාගමනේ සිව්වන දිනය අදයි. අද උදෑසන එය නිට්ටඹුව නගරයෙන් පිටත්වන ලදී.
අද සවස්කාලය වනවිට එය කැළණියට ලඟාවීමට නියමිතය. නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීමට පෙළගැසෙමු යන තේමාව යටතේ පවත්වනු ලබන මෙම පාගමන පසුගිය 24 දින පේරාදෙණිය සරසවියෙන් ආරම්භ කෙරින. හෙට දිනයේ එය කොළඹ නගරයට ලඟාවීමට නියමිතයි.