බඳවාගත් උපාධිධාරීන් ස්ථිර නොකිරීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්...
මීට මාස 6 කට පෙර බඳවාගත් උපාධිධාරී අභ්‍යාසලාභීන් ස්ථිර නොකිරීමට එරෙහිව සහ අමාත්‍යංශ සඳහා අනුයුක්ත කිරීමේදී මැතිඇමතිවරු නාම ලේඛන සැකසීම පිළිබඳවත් යන කරුණු මූලික කරගෙන රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම් හා ආර්ථික සංවර්ධන අමාත්‍ය ලේකම්වරු වගඋත්තරකරුවන් කරමින් මානව හිමකම් කොමිසමට අද දින උපාධිධාරී අභ්‍යාසලාභී මධ්‍යස්ථානය විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.
මෙහිදී අදහස් දැක්වූ උපාධිධාරී අභ්‍යාසලාභී මධ්‍යස්ථානයේ සම සංවිධායක ධම්ම්ක මුණසිංහ මහතා,
මේ වෙනකොට බඳවාගත් උපාධිධාරීන් 42000 ක් බරපතල අසාධාරණයකට පත්කරල තියෙනවා ඔවුන් බඳවාගත්තේ අනිවාර්යයෙන් මාස 6 න් ස්ථිර කරනව කියල නමුත් දැන් මාස 7 කට කිට්ටුයි කිසිවෙක් ස්ථිර කරල නෑ එකී උපාධිධාරීන් තවත් මාස 6 ක් පුහුණුවෙම තියන්න ලිපියක් එවල ඒක අසාධාරණයි ඇත්තටම පසුගිය මාස 6 පුහුණුවක් තිබුණෙ නැහැ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල විවිධ වැඩ කළා ඇතැම් අය ඇට වර්ග බෙදුව පොල් පැල බෙදුව තීන්ත ගෑව නිසියාකාරව වැඩක් ගැනීමටවත් ආණ්ඩුවට උවමනාවක් තිබුණෙ නැහැ මේ අතර ආර්ථික අමාත්‍යංශය මගින්පුහුණ උපාධිාරීන් 16000 ක් ස්ථිර කරනව කියල පෙලාකුවට ඡුන්දෙට ඉස්සෙල්ල පාරම්බෑවා ඒකත් බාලගිරිදෝෂ වෙලා ඒකට අදාළ නාම ලේඛන හදල තියෙන්නේ ආසන සංවිධායකවරු ඉතින් කොහොමද රාජ්‍ය අංශය නගාසිටුවන්නේ.
මේ ක‍්‍රමය වහාම නැවැත්විය යුතුයි පිළිගත් ල‍්‍රමටෙව්දයකට බඳවාගෙන ඇති සියලූ උපාධිධාරීන් වහාම ස්ථිර කළ යුතුයි නැතිනම් අප ඉදිරි සතියෙ ඉඳල විරෝධතා කි‍්‍රයාමාර්ග වලට යනව අපි මේ පිළිබඳව පසුගිය කාලය පුරා අදාළ අංශ දැනුවත් කළා පිළිතුරක් නැති තැනයි අපි පාරට ආවේ.