අමතර සිසුන් 5609 ක් සරසවියට...

2011 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පිළිබඳව අධිකරණයේ ගොනුකර තිබූ නඩුවේ තීන්දුව අද (12) දින ලබාදී තිබේ. ඒ අනුව විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා පිරිස 5,609 කින් වැඩි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විශ්විවද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අද නියෝග කර ඇත.
ඉසෙඩ් ලකුණු සම්බන්ධයෙන් සිසුන් 400 කට අධික පිරිසක් විසින් පෙත්සම් 07 ක් අධිතකරණයට ඉදිරිපත් කර තිබූ අතර එම පෙත්සම් සලකා බලමින් අධිකරණය විසින් මෙම නියෝගය කර ඇත.

මේඅනුව විශ්විද්‍යාලවලට වසරකට සාමාන්‍යයෙන් බඳවා ගන්නා සිසුන් 21,500 ට අමතර තවත් සිසුන් 5609 ක් මෙවර බඳවා ගතයුතු බවත්, මෙම සියලු සිසුන් මෙම වසරේ ඔක්තෝබර් මස 15 දිනට පෙර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගතයුතු ලෙස අධිකරණය විසින් නියොගකර තිබේ.

කෙසේ වෙතත් මෙම තත්වය තුළද කලා විෂයයන් හැදෑරූ තවත් සිසුන් 400 කට අධික පිරිසක් තමන්ට සාධාරණය ඉටු නොවූ බව පවසා ඇත.