යක්කල වික‍්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය වසා දැමේ...

කථිකාචාර්යවරයකු විභාග කටයුතුවලින් ඉවත් කරන්නැයි ඉල්ලමින් දින කිහිපයක් තිස්සේ පැවැති ශිෂ්‍ය විරෝධය නතර නොවූයෙන් යක්කල වික‍්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය අද (20) පස්වරු 4.30 සිට යළි දන්වනතුරු වසා දැමිණි.
සිකුරාදා (21) අලූයම 6 වනවිට නේවාසික සිසුන් ඇතුළු සියලූ දෙනා විද්‍යායතන භූමියෙන් ඉවත් වී යායුතුයැයිද නැවත අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන හා විභාග පැවැත්වෙන දිනයන් පසුව දැනුම් දෙනු ඇතැයිද විද්‍යායතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මහත්මියගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ. විද්‍යායතන භූමිය හා අවට පොලිස් ආරක්ෂාව තර කැර ඇත.