උසස් පෙළ ඇගයීම් අදියරක් හැලේ...

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සිදුකිරීමේදී මෙතෙක් පවත්වාගෙන ආ අදියර ගණන අඩුකිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි වාර්තා වේ.
විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා විසින් මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැඩවර්ජනයක නිරතවී සිටින බැවින් තවම 2012 උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නොහැකිවී ඇති බවත් අදියර තුනක් යටතේ නිමකිරීමට නියමිත ඇගයීම් කටයුතු අදියර දෙකකින් නිමකිරීමට අදහස් කර ඇති බවත්ය.

තවදුරටත් අදහස් දැක්වූ කොමසාරිස්වරයා, ඇගියීම් සඳහා ආචාර්ය මහාචාර්යවරු 400ක්ද ගුරුවරු සහ ගුරු උපදේශකවරු ආදීන් 12000 – 15000 අවශ්‍ය වන බවයි. එසේම ඇගයීම් මණ්ඩල මෙහෙයවීම, මණ්ඩල හා විෂය අතර සංගතතාව ආරක්ෂා වන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතින් බවද ඒ මහතා පවසා ඇත.