මහනුවර සත්‍යග්‍රහය නතර කිරීමට පොලිසිය අධිකරණයට කළ ඉල්ලීම ඉවතට...
පේරාදෙණි මහා ශිෂ්‍ය සංගමය විසින් ආරම්භ කරන ලද සත්‍යග්‍රහය නතර කිරීම සඳහා පොලිසිය කරන ලද ඉල්ලීම මහනුවර මහේස්ත‍්‍රාත් රවීන්ද්‍ර පේ‍්‍රමරත්න මහතා විසින් අද දින (19) ඉවත දමා ඇත.
සරසවි සිසුන් පිරිසක් මහනුවර දළදා වීදියේ එක් පසෙක අට්ටාලයක් මත පවත්වාගෙන යන සත්‍යග‍්‍රහය මහජන පීඩාවකියි කියමින් එම අට්ටාලය ඉවත් කිරීම සඳහා උසාවි නියෝගයක් ලබා දෙන ලෙස මෙම ඉල්ලීම කර ඇත.
සරසවි ඇදුරු වර්ජනයට විසඳුම් දී නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරන්නැයි සිසුහු ඉල්ලති. මහජනයාට අවහිරයක් නොවන අයුරින් තනා ඇති මේ අට්ටාලයෙන් මහජන පීඩාවක් වන්නේ කෙසේදැයි මහේස්ත‍්‍රාත් පොලිසියෙන් ඇසීය.